එක් කාන්තාවක් විසින් මරා දැමීමට පෙර සත්ව මඩුවකින් රූඩිව මුදවා ගත් අතර ඒ බල්ලා ඇගේ මිතුරා විය. වසර දහයක් පුරාවට රූඩි නිසලව ලින්ඩාගේ සයනය අසළ නිදා ගත්තේය. නමුත් ක්‍ෂණිකව ඔහු ලින්ඩාගේ ඇඳට පැන ඇගේ මුහුණ ලෙවකන්න පටන් ගත්තේය. ලින්ඩා ඔහුට බැණ වැදුණාය. නමුත් සෑම රාත්‍රියකම රූඩිගේ හැසිරීම එසේ විය.

“මම හිඳ ගත් සෑම අවස්ථාවකම එක් වරම ඔහු මගේ උකුලට පැන මගේ මුහුණ ලෙව කන්නේය” කියා ලින්ඩා කීවාය. කීකරුකම පුහුණු කරන පාසැලකට රූඩිව යැවීමට ලින්ඩා සැළසුම් කරද්දී ඔහු සෑම විටම ලෙව කෑවේ ඇගේ හක්කේ එකම තැනක් බව ඇය සැළකිල්ලට ගත්තාය. ලජ්ජාවෙන් යුතුව ලින්ඩා වෛද්‍යවරයෙක් හමුවට ගිය පසු ඇයට කටු ආශ්‍රිත පිළිකාවක් ඇති බව සොයා ගන්නා ලදී. ඇය තවදුරටත් ප්‍රමාද වූවා නම් එයින් ඇය මරණයට පවා ලක්වීමට ඉඩ තිබූ බව වෛද්‍යවරයා පැවසීය. ලින්ඩා රූඩිගේ පෙළඹවීම විශ්වාස කිරීම ගැන සතුටු වූවාය.

දේව වචනය නැවත නැවතත් පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ජීවනයට සහ ප්‍රීතියට මග පෙන්වන බවයි. “ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන්නාවූ ….. තැනැත්තේ ආශිර්වාද ලද්දෙක්ය” (40:4). සමහර පරිවර්තන සත්‍යය තවත් තීව්ර කරයි. “ස්වාමීන්වහන්සේ තමන්ගේ විශ්වාසය කර ගත් තැනැත්තේ ප්‍රීතිමත් වන්නෝය”. ගීතාවලියේ ප්‍රීතිය යන්න විස්තර කර ඇත්තේ බහුල වූ උතුරා නැගෙන සන්තෝෂයක් ලෙසටය.

අපි දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන විට පරම ප්‍රතිඵලය වන්නේ ගැඹුරු අව්‍යාජ ප්‍රීතියයි. මෙම විශ්වාසය පහසුවෙන් පැමිණෙන්නේ නැත. ප්‍රතිඵලය අප සිතන සෑම දෙයක්ම නොවිය හැකිය. නමුත් අපි දෙවියන්වහන්සේව විශ්වාස කරන විට එසේ කිරීම ගැන අපි බොහෝ සෙයින් සතුටු වීමක් වන්නේය.