කෝපන්හේගන්හී විසූ ඔලේ කැසොව් බයිසිකල් පැදීමට ආශා කළ කෙනෙකි. එක් උදෑසනක වයෝවෘධ මනුෂ්‍යයෙක් ඇවිදින උපකරණයද සහිතව තනිව උද්‍යානයක වාඩිවී සිටිනවා ඔහු දුටුවේය. ඔලේ සරල අදහසකින් ජ්වලිත විය. වැඩිහිටි අයව බයිසිකලයෙන් රවුමක් ගෙන යාමෙන් ඔවුන්ට ප්‍රීතිය සහ නිදහස ගෙන නොදෙන්නේ ඇයි? එම නිසා එක් දිනක් ඔහු රෝද තුනේ බයිසිකලයක් කුලියට ගෙන ගිලන් නිවසක් ඉදිරියෙහි නවත්වා එහි සිටි ඕනෑම කෙනෙක්ට එයින් රවුමක් යන්නට අවස්ථාව ලබා දුන්නේය. වයස් සීමා නැති බයිසිකල් පැදීමේ ප්‍රථම ගමනට එක්වූයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් සහ වැඩිහිටියෙක් වූ අතර එයින් ඔහු ප්‍රීිතියට පත් වූයේය.

විසිපස් වසරකට පසුව බයිසිකල් පැදීම මග හැරුණු 575,000 කට මිලියන 2.5 ක බයිසිකල් ගමන් වාර ලැබීමට ඔහුගේ සිහිනය උපකාර කර ඇත. කොතැනටද? ඒ මිතුරෙක් බැලීමට, අයිස්ක්‍රීම් කෝන් එකක් රස බැලීමට, සහ හිසෙහි වදින සුළං භුක්ති විඳීමටය. සහභාගී වූවන් පවසන්නේ ඔවුන්ට හොඳින් නින්ද යන බවත් හොඳින් ආහාර ගන්නා බවත් තනිකම අඩු වූවා යන හැඟීම ඇති බවත්ය.

එවැනි ත්‍යාගයන් යෙසායා 58:10-11 හි දැක්වෙන දෙවියන්වහන්සේගේ මනහර වදන් මනසට ගෙන එන්නේය. “…. අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම් අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය. නුඹේ කළුවරකම ඉර මුදුන් වේලාව මෙන් වන්නේය” කියා ස්වාමීන්වහන්සේ ඔවුන්ට කී සේක. “ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මග පෙන්වා …. නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිඳී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය” (11 පදය) කියා දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට කීවේ “නුඹෙන් පැවත එන්නෝ පරණ නටබුන් තැන් ගොඩ නගන්නෝය” (12 පදය) යනුවෙනි. උන්වහන්සේ අප තුළින් කුමක් කරනවා ඇද්ද? අන් අයට උපකාර කිරීමට උන්වහන්සේ අපට උදව් කරන ලෙස අපත් සුදානම්ව සිටිමු.