තමාට එරෙහිව තරඟකරන අයෙකුට උපකාර කිරීමට කෙනෙකුට හේතුවක් වන්නේ කුමක්ද? විස්කොන්සින් හී ආපනශාලා අයිතිකරුවෙක් වූ ඇඩොල්ෆෝට එයට අවස්ථාවක් පැමිණියේය. එනම් කෝවිඩ් නීති මාලාවට හැඩ ගැසීමට පොර බදන අනෙකුත් ප්‍රාදේශීය ආපන ශාලා හිමියන්ව දිරිගැන්වීමටයි. පළමුකොටම වසංගත කාලයක් තුළ ව්‍යාපාරයක් කර ගෙන යෑමේදී ඇති වන අභියෝගයන් ගැන ඇඩොල්ෆෝ හොඳින්ම දැන ගෙන සිටියේය. තවත් ප්‍රාදේශීය ව්‍යාපාර ත්‍යාගශීලිත්වයකින් දිරිගැන්වී ඇඩොල්ෆෝ තමාගේ මුදලින් ඩොලර් දෙදහක ත්‍යාග පත්‍ර මිළදී ගෙන ඔහුගේ පාරිභෝගිකයින්ට ලබා දුන්නේ තමාගේ ආපනශාලාවෙන් නොව අනෙක් ආපන ශාලාවලින් මිළදී ගන්නා ලෙසටය. ආන්න එය වචනයෙන් නොව ක්‍රියාවෙන් වූ ප්‍රේමයේ පියවරකි.

මනුෂ්‍යය සංහතිය වෙනුවෙන් තමන්වහන්සේගේ ජීවිතය පවා පූජා කිරීමට කැමති වූ යේසුස්වහන්සේගේ ප්‍රේමයේ පරම ප්‍රදර්ශනය මත ගොඩ නගමින් (1 යොහන් 3:16) යොහන් ඔහුගේ පාඨකයන්ව දිරිගන්වන්නේ ඊළඟ පියවර ගෙන ප්‍රේමය ක්‍රියාවට නංවන ලෙසටය. “අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත …” (16 පදය) දීම යන්න යොහන් දකින්නේ යේසුස්වහන්සේ ප්‍රදර්ශන කළ වර්ගයේම ප්‍රේමයක් ප්‍රදර්ශනය කිරීමක් ලෙසය. එය ද්‍රව්‍යමය දේවල් බෙදා ගැනීම වැනි දිනපතා ජීවිතයේ ප්‍රායෝගික ක්‍රියාවන්වල ආකාරය ගන්නවා ඇත. වචනයෙන් ප්‍රේම කිරීම ප්‍රමාණවත් නොවේ. ප්‍රේමයට අවශ්‍ය වන්නේ විශ්වාසවන්ත තේරුමක් ඇති ක්‍රියාවන්ය (18 පදය).

ප්‍රේමය ක්‍රියාවට නැංවීම බොහෝ විට අසීරු වන්නේය. මක්නිසාදයත් ඒ සඳහා පුද්ගලික කැප කිරීමක් හෝ වෙන කෙනෙක් වෙනුවෙන් අපට පාඩු කර ගැනීමක් අවශ්‍ය වන හෙයිනි. දෙවියන්වහන්සේගේ ආත්මයෙන් බලගැන්වී සහ අප කෙරෙහි වන උන්වහන්සේගේ නිර්ලෝභී ප්‍රේමය සිහිපත් කර ගැනීමෙන් අපට ප්‍රේමය සඳහා වන ඊළඟ පියවර ගත හැකි වන්නේය.