ගමනකදී මා අසළ වාඩිවී සිටි ඇය මට කීවේ තමාට ආගමක් නැති බවත් ඇය දැන් පදිංචිව සිටින නගරයේ බොහෝ කිතුනුවන් සිටින බවත්ය. ඇයගේ අසල්වාසීන් බොහෝ දෙනෙක් සභාවකට යන බව ඇය පැවසූ විට ඇයගේ අත්දැකීම ගැන මම ඇගෙන් ඇසුවෙමි. ඔවුන්ගේ ත්‍යාගශීලිත්වයට කිසිසේත් ඇයට ගෙවිය නොහැකි බව ඇය පැවසුවාය. ඇගේ අලුත් නගරයට ඇගේ ආබාධිත පියාව ගෙන ආ විට අසල්වාසීන් විසින් ඇගේ නිවසට තිබූ පාර සකසා රෝහල් ඇඳක්ද වෛද්‍ය භාණ්ඩද සැපයූහ. “කිතුනුවෙක් වීමෙන් කෙනෙක් ඒ තරම් කරුණාවන්ත වන්නේ නම් සෑම කෙනාම කිතුනුවෙක් විය යුතුය” කියා ඇය කීවාය.

ඒ ඇය කියනු ඇතැයි යේසුස්වහන්සේ නිශ්චිතවම බලාපොරොත්තු වූ දෙයයි. උන්වහන්සේ තම ගෝලයන්ට මෙසේ කී සේක. “එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා” (මතෙව් 5:16). පේත්‍රැස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥාව අසා එය අන් අයට ලබා දුන්නේය. “නුඹලා නපුර කරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථා කරන නුමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ….. දෙවියන්වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වාපල්ලා” (1 පේත්‍රැස් 2:12).

යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නැති අපගේ අසල්වැසියන්ට අප විශ්වාස කරන්නේ කුමක්ද කියා සහ අප එය විශ්වාස කරන්නේ මන්ද කියා හෝ තේරුමක් නැති විය හැකිය. ඒ ගැන වෙහෙස නොවෙන්න. ඔවුන්ට තේරුම් ගත නොහැකි තවත් දෙයක් ඇත. ඒ අපගේ අධිකතර ප්‍රේමයයි. මා අසළ වාඩිවී සිටි කාන්තාව මවිත වූයේ (ඇගේ වචනවලින් කියනවා නම්) ඇය ඔවුන්ගෙන් කෙනෙක් නොවූවත් තම අසල්වාසීන් ඇයට අඛණ්ඩව ප්‍රේම කිරීමයි. යේසුස්වහන්සේ වෙනුවෙන් ඇය ප්‍රේමය ලබන බව ඇය දැන සිටියාය. ඇය දෙවියන්වහන්සේට ස්තුති කරන්නීය. ඇය තවමත් උන්වහන්සේව විශ්වාස නොකළත් අන් අය එසේ කරන නිසා ඇය කෘතඥ වූවාය.