දශක ගණනාවක් මැක්ඩොනල්ඩ් කෙටි ආහාර ක්‍ෂේත්‍රය පාලනය කළේ ඔවුන්ගේ රාත්තල් කාලක් බරැති බර්ගර් නම් කෙටි ආහාර වර්ගය නිසාය. 1980 දී ඔවුන්ට එරෙහි සමාගමක් රන් ආරුක්කු ලාංජනය සහිතව මැක්ඩොනල්ඩ් සමාගම පැරදවීමට අදහසක් ගෙනාවේය. ඒ ඇන්ඩ් ඩබ්ලිව් ආයතනය රාත්තල් තුනෙන් එකක් බර බර්ගර් එකක් (මැක්ඩොන්ල්ඩ් බර්ගරයට වඩා බරැති) ඒ මිළටම විකිණීය. එයටත් වඩා අන්ධ රස පරීක්‍ෂණ බොහෝමයකින් ඒ ඇන්ඩ් ඩබ්ලිව් ජයගත්තේය. නමුත් එම බර්ගර්ය වෙළඳ පොළෙන් ඉවත් විය. කිසිවෙක් එය මිළදී ගත්තේ නැත. අවසානයේදී ඔවුන්ගේ ආහාර ලේඛණයෙන් එය ඉවත් කරන ලදී. පර්යේෂණ වලින් එළිවූයේ පාරිභෝගිකයන් තුනෙන් එක හතරෙන් එකට වඩා අඩුය කියා ගණන් වරද්දා ගත් බවය. ශ්‍රේෂ්ඨ අදහසක් පරාජය වූයේ මනුෂ්‍යයන්ට මූලික දේවල් මග හැරුණු නිසාය.

මූලික කාරණා වරද්දා ගැනීම කෙතරම් පහසුද කියා යේසුස්වහන්සේ අනතුරු ඇඟවූ සේක. කුරුස පත්වූ සතියේ උන්වහන්සේව හසුකර අපහාසයට පත්කිරීම පිණිස ආගමික නායකයෝ හත්වරක් වැන්දඹු වූ ස්ත්‍රියක් ගැන අනුමාන කථාවක් ගෙනාවෝය (මතෙව් 22:23-28) යේසුස්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ මේ ගැටළු සහිත අවුල කිසිසේත් ප්‍රශ්නයක් නොවන බවයි. ඒ වෙනුවට ඔවුන්ගේ ගැටලුව වූයේ ඔවුන් “ශුද්ධ ලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන” සිටීමය (29 පදය). යේසුස්වහන්සේ අවධාරණය කළේ ශුද්ධ ලියවිලිවල මුල් අරමුණ තර්ක හෝ දර්ශනවාදී ප්‍රහේලිකා හෝ විසඳීම නොවන බවය. ඒ වෙනුවට ඒවායේ මූලික අරමුණ යේසුස්වහන්සේ ගැන දැනගැනීම සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට සහ උන්වහන්සේ තුළ “සදාකාල ජීවනය” (යොහන් 5:39) ලබා ගැනීම සඳහා අපට මග පෙන්වීමයි. නායකයන්ට වැරදුණු මූලික කරුණු මේවාය.

අපටද බොහෝ විට මූලික කරුණු මග හැරේ. බයිබලයේ මූලික අරමුණ වන්නේ ජීවමාන යේසුස්වහන්සේව මුණ ගැස්වීමයි. එය මග හැර ගැනීම සිත බිඳින සුළු වන්නේය.