ලාභ නොලබන ආයතනයක ඇයට ලැබුණු නව රැකියාව ගැන සින්ඩි බොහෝ සෙයින් ප්‍රීති වූවාය. වෙනසක් කිරීමට කෙතරම් හොඳ අවස්ථාවක්ද! නමුත් ඇය ඉක්මණින්ම වටහා ගත්තේ ඇයගේ හවුල් සේවකයින් ඇගේ ජ්වලිතකම නොදැරූ බවයි. ඔවුහු සමාගමේ දූතනයට විහිළු කරමින් ඔවුන්ගේ දුර්වල සේවය වෙනුවෙන් සමාවට කරුණු කියමින් වෙනත් ස්ථානවල වැඩි ලාභලබන තානාන්තර සෙවූහ. මෙම රැකියාවට කිසිදා ඉල්ලුම් නොකළා නම් හොඳය කියා සින්ඩි සිතුවාය. දුර සිට ශ්‍රේෂ්ඨව පෙණුනු දෙය සමීපයට පැමිණි විට බලාපොරොත්තු සිඳ දැමූ එකක් විය.

අද කථාවේ අත්තික්කා ගසෙහිද ගැටළුව එය විය (මතෙව් 11:13). ඒ අත්තික්කා ඵල දැරීමේ මුල් කාලය නොවීය. එසේ වූවත් ගසේ කොළ පෙන්නුම් කළේ ඉක්මන් අත්තික්කා තිබිය හැකි බවයි. ගසෙහි පත්‍ර වැඩී තිබුණත් එය ඵල නිපදවා නොතිබුණි. බලාපොරොත්තු බිඳී ගොස් යේසුස්වහන්සේ එයට ශාප කළ සේක. “මෙතැන් පටන් කිසි කලක කිසිවෙක් තාගෙන් ඵල නොකාවයි ගසට කී සේක” (14 පදය). පසු දින උදෑසන වන විට ගස සම්පූර්ණයෙන්ම වියළී තිබුණි (20 පදය).

ක්‍රිස්තුස්වහන්සේ වරක් දින හතළිහක් නිරාහාරව සිටි සේක. එම නිසා ආහාර නැතිව සිටීම කෙසේදැයි උන්වහන්සේ දැන සිටි සේක. අත්තික්කා ගසට ශාප කිරීම උන්වහන්සේගේ කුසගින්න සම්බන්ධ දෙයක් නොවේ. එය ද්‍රව්‍යයකින් පාඩමක් ඉගැන්වීමයි. ගස නියෝජනය කළේ ඉශ්‍රායෙලයයි. එහි සත්‍යය ආගමේ චරිතය තිබූ නමුත් මූලික කාරණය නැති කර ගෙන තිබුණි. ඔවුන් ඔවුන්ගේ මෙසියස්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පුත්‍රයා මරණයට පත් කිරීමට සුදානම්ව සිටියහ. ඔවුන් ඊට වඩා කෙතරම් නිෂ්ඵල වන්නේද?

දුරින් බලන විට අප යහපත්ව පෙනෙනු ඇත. නමුත් උන්වහන්සේගේ ආත්මයාණන්ට පමණක් නිපදවිය හැකි ඵල සොයමින් යේසුස්වහන්සේ සමීපයට එන සේක. අපගේ ඵල ප්‍රදර්ශනාත්මක විය යුතු නැත. නමුත් ඒවා ප්‍රේමය, ප්‍රීතිය සහ අපහසු කාලවලදී සමාදානය වැනි අධිස්වාභාවික ඒවා විය යුතුය (ගලාති 5:22). එහෙත් ආත්මයාණන් තුළ යැපෙමින් අපට යේසුස්වහන්සේ වෙනුවෙන් ඵල දැරිය හැකිය.