ඉතා ධනවත් විසි හැවිරිදි තරුණයෙක් ඔහුගේ මිතුරන් සමග වාහන තරඟයකදී පාරේ ගමන් කරමින් සිටි මගියෙක්ව මරා දැමුවේය. තරුණයා වසර තුනක සිර දඬුවමක් ලැබුවත් සමහරුන් විශ්වාස කළේ උසාවියේ පෙනී සිටි මනුෂ්‍යයා (සහ පසුව සිර දඬුවම් ලැබූ තැනැත්තා) අපරාධය කළ රියැදුරා වෙනුවට ඉදිරිපත් කළ කුලියට ගත් අයෙක් බවයි. තම අපරාධ වලට වන්දි ගෙවීමට වෙනත් අය කුලියට ගැනීම සමහර රටවල සිදුවන බව දන්නා දෙයකි.

මෙය සහාසික සහ නින්දිත දෙයක් බව පෙනේ. නමුත් වසර දෙදහසකට පෙර අපගේ පාප වෙනුවෙන් ආදේශකයක් වෙමින් “ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධ වින්ද සේක” (1 පේත්‍රැස් 3:18). දෙවියන්වහන්සේගේ පාප රහිත පූජාව ලෙසට අප සැම උදෙසා එනම් උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේ වධ විඳ මරණයට පත්වූ සේක (හෙබ්‍රෙව් 10:10). උන්වහන්සේ අපගේ සෑම පාපයක් වෙනුවෙන් දඬුවම කුරුසිය මතදී උන්වහන්සේගේ ශරීරයට ගත් සේක. අද මුදල් වෙනුවෙන් අපරාධ කරුවෙක්ට ආදේශකයක් වන අයෙක් මෙන් නොව කුරුසිය මත වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආදේශක මරණය කුරුසිය මතදී අපට “බලාපොරොත්තුවක්” ගෙන දුන්නේ උන්වහන්සේ නොමිළයේ සහ කැමැත්තෙන්ම අප වෙනුවෙන් ස්වකීය ජීවිතය දුන් හෙයිනි (1 පේත්‍රැස් 3:15; 18; යොහන් 10:15). උන්වහන්සේ එසේ කළේ අප සහ දෙවියන්වහන්සේ අතර තිබූ විශාල පරතරය යා කරන පිණිසය.

මෙම ගැඹුරු සත්‍යය තුළ අපි සහනය සහ ස්ථිරත්වය ලබා ප්‍රීති වෙමු. අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයක් සමග සම්පූර්ණ ආත්මික ප්‍රවේශයක් ලබා ගත හැක්කේ පව්කාරයන්ට අවශ්‍යම වූ යේසුස්වහන්සේගේ ආදේශක මරණයෙන් පමණි.