චාර්ල්ස් සිමියොන් එංගලන්තයේ කේම්බ්‍රිජ්හී විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඔහු අශ්වයන්ට සහ ඇඳුම් වලට බොහෝ සෙයින් ආශා කළ අතර වසරකට විශාල මුදලක් ඇඳුම්වලට වැය කළේය. නමුත් නියත වශයෙන්ම රාත්‍රී භෝජනයන්ට සහභාගී වීම විශ්ව විද්‍යාලයේ ඔහු කළ යුතු වූ බැවින් ඔහුගේ ඇදහිල්ල ගවේෂණය කිරීමට ඔහු පටන් ගත්තේය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලීවාවූ පොත් කියවීමෙන් පසු පාස්කු දිනයේදී ඔහු මනහර වෙනසක් අත්දුටුවේය. 1779 අප්‍රේල් 4 වෙනිදා අලුයම නැගිටි ඔහු “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද නැගිටුණු සේක. හාලේලූයියා හාලේලූයියා” යනුවෙන් මොර ගැසුවේය. දෙවියන්වහන්සේ තුළ ඔහුගේ ඇදහිල්ල වර්ධනය වෙද්දී ඔහු බයිබල් අධ්‍යයනය, යාච්ඤාව සහ දේවස්ථානයට සහභාගී වීම අඛණ්ඩව කර ගෙන ගියේය.

පළමු පාස්කුවේදී යේසුස්වහන්සේගේ සොහොන වෙත පැමිණි ස්ත්‍රීන් දෙදෙනාගේ ජීවිත වෙනස් වුනි. දේවදූතයෙක් ගල ඉවත් කරන විට ඔවුහු භයානක භූමිකම්පාවක් අත් දුටුවෝය. ඔහු ඔවුන්ට කීවේ “භය නොවෙල්ලා. මක්නිසාද කුරුසියෙහි ඇණ ගසන ලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කී ලෙසම නැගිටුණු සේක” (මතෙව් 28:5-6) යනුවෙනි. ප්‍රීතියෙන් ඉතිරී යේසුස්වහන්සේට නමස්කාර කර ඔවුන්ගේ මිතුරන්ට ශුභාරංචිය දන්වන පිණිස ස්ත්‍රීහූ දිව ගියහ.

ක්‍රිස්තුස්වහන්සේව මුණ ගැසීම පුරාණ කාලයට පමණක් සීමා වී නැත. මෙහිදී සහ දැන් පවා මුණගැසීිමට උන්වහන්සේ පොරොන්දු වන සේක. සොහොනට ගිය කාන්තාවන් හෝ චාර්ල්ස් සිමියොන් මෙන් හෝ නාට්‍යානුසාර මුණ ගැසීමක් අපි අත්විඳින්න හෝ නොවිඳින්න හෝ පුළුවන. යේසුස්වහන්සේ අපට කුමන ආකාරයෙන් එළිදරව් වූවත් උන්වහන්සේ අපට ප්‍රේම කරන බව අපට විශ්වාස කළ හැකිය.