2022 ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අගමැතිට ඉවත් වීමට බල කෙරුණේ ඔහුගේ අවංකභාවයේ තිබූ අඩු පාඩු නිසාය. (ඊට මාස කිහිපයකට පසුව අලුතෙන් පත් කරන ලද අගමැතිවරයාද ඉවත් වුනි). මෙම සිදුවීම ඉස්මතු වූයේ රටේ සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ වාර්ෂික යාච්ඤා රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී තම ප්‍රසිද්ධ ජීවිතයේ අවංක බාවය ගැන හැඟීමක් ඇතිවී ඉල්ලා අස්වීම හේතුවෙනි. අනෙක් ඇමතිවරුද ඉල්ලා අස්වීම නිසා තමාටත් ඉල්ලා අස්වෙන්න සිදුවන බව අගමැතිවරයා තේරුම් ගත්තේය. සාමකාමී යාච්ඤා රැස්වීමකින් ආරම්භ වූ එම අවස්ථාව මනහර එකකි.

තමන්ගේ දේශපාලන නායකයන් ගැන යාච්ඤා කිරීමට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට කැඳවීමක් තිබේ (1 තිමෝති 2:1-2). එසේම ගීතාවලිය 72 ද හොඳ මග පෙන්වීමකි. එහි පාලකයාගේ කාර්යය ගැන විස්තරයක්ද එය ලබා ගැනීමට යාච්ඤාවක්ද තිබේ. නියම නායකයා වන්නේ යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද (1-2 පද) යුත් පුද්ගලයෙක් වන අතර ඔහු අවදානමේ සිටින්නන් ආරක්‍ෂා කරන (4 පදය) අවශ්‍යතාවයන් ඇති අයට සේවය කරන (12-13 පද) පීඩා විඳින්නන් වෙනුවෙන් නැගී සිටින අයෙක්ද (14 පදය) වන්නේය. ඔවුහු නිළ දරණ කාලය දේශයට සෞභාග්‍යය ගෙන එන “බිම තෙමන වැසි වලා මෙන්” (6 පදය) වන්නේය. එවැනි භූමිකාවක් සම්පූර්ණ කළ හැක්කේ මෙසියස්වහන්සේට පමණක් වන අතර (11 පදය) බලාපොරොත්තු විය හැකි ඊට වඩා හොඳ නායකත්වය කුමක්ද?

රටෙහි සෞඛ්‍යය පාලනය වන්නේ එහි තනතුරු දරණ අයගේ අවංකකම මතය. අපේ රට වෙනුවෙන් ගීතාවලිය 72 හි නායකයන් සොයමු. එසේම එහි සඳහන් ගුණාංග වැළඳ ගැනීමට ඔවුන්ට උපකාර කරන පිණිස මෙම ගීතිකාව ඔවුන් වෙනුවෙන් කරන යාච්ඤාවක් කර ගනිමු.