ඔහුගේ පළමු ශ්‍රවණාධාර උපකරණය වෛද්‍යවරු ඇතුල් කරද්දී ළදරු ග්‍රැහැම් ඔහුගේ මවගේ ඇකයේ දඟලමින් සහ හඬමින් සිටියේය. වෛද්‍යවරයා උපකරණය ක්‍රියාත්මක කළ මොහොතේදීම ග්‍රැහැම් හැඬීම නැවැත්වීය. ඔහුගේ ඇස් පුළුල් විය. ඔහු සිනහසුණේය. ඔහු සනසන, ඔහුව දිරිගන්වන සහ ඔහුගේ නම කියා කථා කරන ඔහුගේ මවගේ හඬ ග්‍රැහැම්ට ඇසුණි.

ළදරු ග්‍රැහැම්ට ඔහුගේ මව කථා කරනවා ඇසුණේය. නමුත් ඇගේ කටහඬ හඳුනා ගෙන ඇගේ වචන වල අර්ථය තේරුම් ගැනීමට ඔහුට උපකාර අවශ්‍ය විය. යේසුස්වහන්සේද සෙනගව එවැනි ඉගෙනීමේ ක්‍රියාවලියකට කැඳවන සේක. ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැළවුම්කරුවාණන් ලෙසට අප පිළිගත් විගසම අපි උන්වහන්සේව සමීපව දන්නා සහ උන්වහන්සේ විසින් පුද්ගලිකව මග පෙන්වන බැටළුවෝ වන්නෙමු (යොහන් 10:3). උන්වහන්සේගේ හඬට හුරුවී සහ එයට අවධානය දීමට පුරුදු වන විට උන්වහන්සේව විශ්වාස කරන්නත් කීකරු වන්නත් අපට වර්ධනය විය හැකිය (4 පදය).

පරණ ගිවිසුමේදී දෙවියන්වහන්සේ අනාගතවක්තෘන් තුළින් කථා කළ සේක. අලුත් ගිවිසුමේදී මාංසවත් වූ දෙවියන්වහන්සේ වන යේසුස්වහන්සේ සෘජුව සෙනගට කථා කළ සේක. අද යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට දෙවියන්වහන්සේ විසින් ජ්වලිත කර බයිබලය තුළ ආරක්‍ෂා කර තිබෙන උන්වහන්සේගේ වචනය තේරුම් ගන්න සහ කීකරු වන්න අපට උපකාර කරන ශුද්ධාත්මයාණන්ගේ බලයට ඇතුල්වීමට හැකියාව තිබේ. යේසුස්වහන්සේ විසින් දේව වචනය තුළින් සහ උන්වහන්සේගේ ජනතාව තුළින් අපට කථා කරන විට අපට උන්වහන්සේ සමග සෘජුව සංනිවේදනය කළ හැකිය. බයිබලයේ වචන සමග නිතරම සමාන්තරව ඇති දෙවියන්වහන්සේගේ හඬ හඳුනා ගන්නා විට අපට කෘතඥතා ප්‍රශංසාවෙන් “දෙවියන්වහන්ස, මට ඔබව අසෙනවා” යයි මොර ගැසිය හැකිය.