මොනික් පොර බදමින් සිටියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ මිතුරෝ ඇයට සිටියහ. එසේම ඔවුන් ජීවිත ප්‍රශ්න විස‍ඳාගන්නා ආකාරයට ඇය ගරු කළාය. ඇය සුළු වශයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යයා කළාය. නමුත් ඔවුන් ජීවත් වූ ආකාරයට තමන්ට ජීවත් වන්නට පුළුවන් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිතුවේ ත්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු නීති අනුව යාමක් කියාය. අවසානයේදී එක් මිතුරු සිසුවියක් දෙවියන්වහන්සේ සිටින්නේ ඇගේ ජීවිතය අවුල් කිරීමට නොවන බව දැන ගැනීමට ඇයට උපකාර කළාය. ඒ වෙනුවට උන්වහන්සේට අවශ්‍ය වූයේ ඇයගේ ඉහළ පහළ යෑම් මධ්‍යයේදී පවා ඇයට හොඳම දේ ලබා දීමටය. ඇය එය තේරුම් ගත් පසුව තමාගේ ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව විශ්වාස කිරීමටත් ඇය කෙරෙහි වන දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ මනහර සත්‍යය වැළඳ ගැනීමටත් ඇය සුදානම් වූවාය.

සාලමොන් රජුටද මොනික්ට ඒ හා සමානම උපදෙසක් දීමට හැකියාව තිබුණි. අනිවාර්යයෙන් මේ ලෝකයේ කරදර තිබෙන බව ඔහු පිළිගත්තේය. ඒ සෑම දෙයකටම “ප්‍රස්තාවක්” ඇති බවත් (දේශනාකාරයා 3:1) “අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්” ඇත්තේය (4 පදය)  යන්නත්ය. තවත් දේ තිබේ. “උන්වහන්සේ ලෝකයද (සදාකාලයද) ඔවුන්ගේ සිත්වල තබා තිබේ” (11 පදය). සදාකාලය යනුවෙන් අදහස් වන්නේ උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීමයි.

ඇය උන්වහන්සේව විශ්වාස කරන්න පටන් ගත් දා සිට යේසුස්වහන්සේ කී ලෙස මොනික් “ජීවනය අධික ලෙස” ලබා ගත්තාය (යොහන් 10:10). ඇය තවත් බොහෝ දේද ලබා ගත්තාය. ඇදහිල්ල තුළින් ජීවිතයේ පොරබැදීම් අමතක කරවන “සදාකාලය” අනාගත පොරොන්දුවක් ලෙස වූයේය (යෙසායා 65:17). එසේම දෙවියන්වහන්සේගේ මහිමාන්විත අභිමුඛය සදාකාලික යථාර්ථයක් වනු ඇත.