අපගේ නිල් පැහැති පයින් ගසින් ගැටද ඉඳිකටු වැනි කෙඳිද වැටෙන්න විය. කෘෂිකර්ම නිලධාරියා එක වරක් පමණක් බලා ප්‍රශ්නය තේරුම් කළේය. “එය සාමාන්‍යයෙන් පයින් ගසක්”. මම ඊට වඩා හොඳ විස්තරයක් හෝ ප්‍රතිකර්මයක් බලාපොරොත්තු වුනෙමි. නමුත් කෘෂිකර්ම නිලධාරියා පැකිළෙමින් කීවේ “එය සාමාන්‍යයෙන් පයින් ගසක්” කියාය. ස්වභාවයෙන්ම ගස ඉඳිකටු වැනි කෙඳි හෙළනු ලබයි. එයට වෙනස් විය නොහැකිය.

ස්තුතිවන්ත විය හැකි කරුණ නම් අපගේ ආත්මික ජීවිතයේ ක්‍රියා හෝ ආකල්පයන්ට වෙනස් වීමේ සීමාවන් නොමැති වීමයි. පාවුල් එපීසයේ නව ඇදහිලිවතුන්ට මෙම සත්‍යය අවධාරණය කරන්නේය. අන්‍ය ජාතිකයන්
“ඔවුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව” සිටි අතර ඔවුන්ගේ මනස දෙවියන්වහන්සේ කෙරෙන් වැසී තිබුණේය. ඔවුන් සතුව දැඩි සිත් තිබූ අතර ඒවා “සියලු අපවිත්‍රකම්” වලින් පිරී විනෝදය සහ ගිජුකම සෙවීය (එපීස 4:18-19). නමුත් ඔවුහු යේසුස්වහන්සේව සහ උන්වහන්සේගේ සත්‍යය දැන සිටින බැවින් අපෝස්තලුවරයා වැඩිදුරටත් ලීවේ “රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකර” (22 පදය) දමන ලෙසටය. අපගේ පරණ ස්වභාවය “රැවටිල්ලේ තෘෂ්ණාවලින් දූෂ්‍යවී” ඇති ආකාරය පාවුල් දුටුවේය. පාවුල් තවදුරටත් ලීවේ “නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනු ලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳ ගන්නා ලෙසය” (22-24 පද).

ඊළඟට ඔහු ජීවත් වීමට අලුත් මාර්ග ලැයිස්තු ගත කරයි. බොරු කීම නවත්වන්න. කෝප වීමට විරුද්ධ වන්න. ශාප කිරීම නවත්වන්න. සොරකම් කිරීමෙන් වළකින්න. “ඒ වෙනුවට හිඟ අයට දෙන්ට පුලුවන් වන පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යය කෙර්වා” (28 පදය). ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අලුත් ජීවිතය අපගේ ගැළවුම්කරුවාණන්ට භාර කිරීමෙන් අපගේ කැඳවීමට සුදුසු වූ ජීවිතයක් ගත කිරීමට අපට ඉඩ ලැබෙන්නේය.