2022 දී ප්‍රංශය සහ ආජන්ටිනාව ලෝක ශුරතා අවසන් තරඟයට මුණ ගැසුණු අවස්ථාවේදී එය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ලෝක ශූරතා තරඟය ලෙස හැඳින්වුනි. වැඩිපුර කාලයේ අවසන් තප්පර ගණන ගෙවී ගෙන යන විට ගෝල ගණන 3-3 ක් ලෙස සම වී ජයග්‍රහණය සඳහා පාපන්දු කණ්ඩායම්වලට දඬුවම් පහර වලට මුහුණ දීමට සිදු වුනි. ආජන්ටිනාව අවසන් ගෝලය ලබා ගත් විට දේශය එය සැමරීමෙන් වියරු වැටුණි. ආජන්ටිනා වැසියන් මිලියන ගණනක් බුවනොස් අයර්ස් නගරය මැදට එක් රැස් වූහ. ඩ්‍රෝන කැමරා සමාජ මාධ්‍යය පුරා මෙම රළු ප්‍රීතිමත් දර්ශන ප්‍රචාරය කර හැරියහ. එක් බී.බී.සී. වාර්තාවක දැක්වූයේ නගරය ප්‍රීතිය පුපුරා යාමකින් සසල වුනු බවයි.

සැම විටම ප්‍රීතිය අනර්ඝ ත්‍යාගයකි. හිතෝපදේශයේ විස්තර කරන්නේ නගරයක් හා එහි ජනතාව ප්‍රීතිය අත් වින්දත් එය බොහෝ කල් පවතින ඊට වඩා ගැඹුරට යා හැකි බවයි. හිතෝපදේශයේ සඳහන් වන්නේ
“ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධ වන කල නගරය ප්‍රීති වෙයි” (11:10) කියාය. මනුෂ්‍යයා වෙනුවෙන් දෙවියන්වහන්සේගේ සැළැස්ම අනුව සත්‍යය ලෙස ජීවත් වන මනුෂ්‍යයන් සමාජයට බලපෑමක් කරන්න පටන් ගන්නා විට එය ශුභාරංචියක් සළකුණු කරන්නේය. මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ සාධාරණත්වය ග්‍රහණය වූ බව එයින් අදහස් වන හෙයිනි. කෑදරකම හීනවන්නේය. දුගියා සහයෝගය ලබන්නේය. පීඩා විඳින්නා ආරක්‍ෂා කරනු ලබන්නේය. දෙවියන්වහන්සේගේ සත්‍යය ජීවන මාර්ගය සඵලවත් වන්නේ කුමන අවස්ථාවන්හිද එහි නගරය ප්‍රීතිය සහ ආශිර්වාද ලබන්නේය (11 පදය).

අපි අවංකවම දෙවියන්වහන්සේගේ මාර්ගයෙහි ජීවත් වන්නේ නම් එහි ප්‍රතිඵලය වන්නේ සෑම දෙනාටම යහපත් ආරංචියකි. අප ජීවත් වන ආකාරය අප අවට ඇති සමූහනය වඩා යහපත්කර පූර්ණ කරන්නේය. ලෝකය සුව කිරීමේ දෙවියන්වහන්සේගේ වැඩ කොටසේ කොටස්කරුවෙක් වන්න උන්වහන්සේ අපට ආරාධනා කරන සේක. දේශයට ප්‍රීතිය ගෙන ඒමට උන්වහන්සේ අපට ආරාධනා කරන සේක.