පළමුවරට මගේ අලුත් උපැස් යුවළ පැළඳ ගැනිමට මම උනන්දු වූවත් පැය කිහිපයකට පසුව ඒවා විසි කර දැමීමට මට සිතුණි. අලුත් වෛද්‍ය උපදෙස්වලට හැඩ ගැසීමෙන් මගේ ඇස් රිදුම් දෙන්නත් හිස පුපුරු ගහන්නත් විය. නුහුරු රාමුව නිසා මගේ කන් පැසවීය. පසු දිනයේ ඒවා පැළඳිය යුතු බව සිහිවී මට කෙඳිරි ගෑවුණි. මගේ ශරීරය එයට හැඩ ගැසෙන පිණිස උපැස් යුවළ පැළඳීමට මම දිනපතා තීරණයක් ගත යුතු වූයෙමි. නමුත් සති කිහිපයකට පසු එය පැළඳ සිටිනවාද කියාවත් මට වැටහීමක් තිබුණේ නැත.

අලුත් දෙයක් පැළඳීමට හැඩ ගැසීම අවශ්‍ය වේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි එයට හැඩ ගැසෙන අතර එය අපට හොඳින් ගැලපෙන බව තේරෙන්නේය. සමහර විට අපි කලින් නුදුටු දේවල් පවා අපට දැන් දැකිය හැකි වන්නේය. රෝම 13 හි පාවුල් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට කීවේ “අලෝකයේ ආයුධ පැළඳ ගනිමු” (12 පදය) කියා සහ නිවැරදි ජීවිතය පුරුදුවන්න කියාය. ඔවුහු දැනටමත් යේසුස්වහන්සේව විශ්වාස කරති. නමුත් දැන් ඔවුන් “අඩ නින්දට” පත්ව තෘප්තියට පැමිණ සිටිති. ඔවුන් අවදි වී ක්‍රියා කළ යුතු වන අතර ඔබින ලෙස හැසිරෙමින් සියලු පාප අත්හැරිය යුතු වන්නේය (11-13 පද). පාවුල් ඔවුන්ව දිරිගන්වන්නේ යේසුස්වහන්සේව පැළඳ ගෙන ඔවුන්ගේ සිතුවිලි සහ ක්‍රියාවලින් තව තවත් උන්වහන්සේ මෙන් වන්න කියාය (14 පදය).

යේසුස්වහන්සේගේ ප්‍රේමණීය, මෘදු, කාරුණික, අනුග්‍රහයෙන් පිරුණු සහ විශ්වාසවන්ත මාර්ග අපි එක් රාත්‍රියකින් පිළිඹිබු කරන්න පටන් නොගන්නෙමු. එය පහසු නොවන නිසා පැළඳ ගැනීමට අපි අකමැති වෙද්දී පවා සෑම දිනකම “ආලෝකයේ ආයුධ පැළඳ” ගැනීම තෝරා ගැනීම දීර්ඝ ක්‍රියා දාමයක් වන්නේය. කාලය ගෙවී යද්දී උන්වහන්සේ අපව යහපත වෙනුවෙන් වෙනස් කරන සේක.