බල්ලන් සමග කථා කිරීමට ඇයට ඇති හැකියාව ගැන මම මගේ නැන්දම්මාට ආදරයෙන් විහිළු කරන්නෙමි. ඇය උන්ගේ බිරීමට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රේමණීය අවබෝධයකිනි. දැන් සමහර විට ඇයත් සැම තැනකම සිටින බල්ලන් අයිති කරුවෝත් සිනහසීම සඳහා සුනඛයන්ට ඇහුම්කන් දෙනවා ඇති. විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ බල්ලන්, එළදෙනුන්, හිවලුන්, සීල් මත්ස්‍යයන් සහ ගිරවුන් ඇතුලුව බොහෝ සතුන්ට “සෙල්ලමට කරන ඉඟි” ඇති බවත් එයට සිනහව කියාද කියන බවත්ය. මෙම ශබ්ද වෙන් කර හඳුනා ගත් විට දබර කිරීමක් යයි සිතිය හැකි හැසිරීමක් සත්ත්ව ක්‍රීඩාවක් බව නිරීක්‍ෂනය කරන අයෙකුට සොයා ගත හැකිය.

සතුන් සිනහව සහ ප්‍රීතිය පෙන්වන බව දැන ගැනීමෙන් මැවිල්ලේ අනෙක් කොටස් ඔවුන්ටම ආවේණික ලෙස දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම කෙසේ වේදැයි සිතීම ගැන යහපත් ඡායාවක් අපට ලබා දෙන්නේය. දාවිත් රජු අවට බැලූ විට ඔහුට පෙණුනේ “හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී” තිබෙන බවත් ගොදුරු බිම් සහ මිටියාවත් “ප්‍රීතියෙන් ඝෝෂා කරමින්” (ගීතාවලිය 65:12-13) තිබෙන බවත්ය. දෙවියන්වහන්සේ දේශයට සළකා පෝෂණය කර අලංකාරය සහ නඩත්තුව දී ඇති බව දාවිත් තේරුම් ගත්තේය.

වචනානුසාරයෙන් අපගේ භෞතික වටාපිටාව “ගායනා” නොකළද අපගේ හඬින් උන්වහන්සේට ප්‍රශංසා කරන ලෙසට මැවිල්ල තුළ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරිත්වයට ඒවා සාක්‍ෂි දරන්නේය. “මුළු පොළොවේ” කොටසක් ලෙස අපිද උන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියා ගැන මවිතව “ප්‍රීතියෙන් ගායනා කරමින්” උන්වහන්සේට ප්‍රතිචාර දක්වමු (8 පදය).