සැඟවුනු අංක යන පොතෙහි ජෝන් ග්ලෙන්ගේ අභ්‍යාවකාශයට යෑමේ සුදානම පෙන්නුම් කළේය. 1962 වන විට පරිඝණක නව සොයා ගැනීම් වූ අතර ඒවායෙහි ක්‍රියා විරහිත වීම් බහුල විය. ග්ලෙන් ඒවා ගැන විශ්වාස නොකළේය. එසේම අභ්‍යාවකාශ ගමන දියත් කිරීමේ ගණන් බැලීම ගැන කණස්සලු විය. සංඛ්‍යා ක්‍රියාත්මක කිරීමට හැකි පිටුපස කාමරයේ සිටින ඥානවන්ත කාන්තාවක් ගැන ඔහු දැන සිටියේය. ඔහු ඇයව විශ්වාස කළේය. “සංඛ්‍යා යහපත් යයි ඇය කීවොත් මම යන්න සුදානම්” කියා ග්ලෙන් කීවේය.

කැතරින් ජොන්සන් ගුරුවරියක්ද දරුවන් තිදෙනෙක්ගේ මවක්ද වූවාය. ඇය යේසුස්වහන්සේට ප්‍රේම කළ අතර සභාවේ සේවයද කළාය. දෙවියන්වහන්සේ විශිෂ්ඨ මනසකින් ඇයට ආශිර්වාද කර තිබුණි. 1950 දී අභ්‍යාවකාශ වැඩ සටහන් වලට උපකාර කිරීමට නාසා ආයතනය ඇයව සේවයට ගත්තේය. ඇය ග්ලෙන්ගේ “ඥානවන්ත කාන්තාව” වුනි. ඇය ඒ කාලයේදී ඔවුන් බඳවා ගත් “මනුෂ්‍යය පරිඝනකයයි”.

අති විශිෂ්ඨ ගණිතඥයින් වීමට අපට කැඳවීමක් නොතිබුණද වෙනත් දේ සඳහා දෙවියන්වහන්සේ අපව කැඳවන සේක. “නුමුත් අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙන ලද්දේය” (එපීස 4:7). අපි “කැඳවනු ලැබූ කැඳවීමට ඔබින ලෙස” (1 පදය) ජීවත් විය යුතු වන්නෙමු. අපි එක් ශරීරයක කොටසක් වන්නෙමු. එහි එක එක කොටස එහි කාර්යය කරන්නේය (16 පදය).

කැතරින් ජොන්සන්ගේ ගණන් බැලීම් ගමන් මාර්ගය ස්ථිර කළේය. ග්ලෙන්ගේ අභ්‍යාවකාශ ගමන හරියට ඉලක්කයට විදීමක් වැනි විය. නමුත් මෙය කැතරින්ගේ එක් කැඳවීමක් පමණි. ඇයට ගුරුවරියක් මවක් සහ සභා සේවිකාවක් වශයෙන් කැඳවීම් තිබුණු බව මතක තබා ගන්න. අපට ඇති විශාල හෝ කුඩා හෝ කැඳවීම කුමක්දැයි දෙවියන්වහන්සේගෙන් අසා දැන ගත හැකිය. උන්වහන්සේ ලබා දෙන ලද අනුග්‍රහයේ දීමනා ක්‍රියාත්මක කරමින් අපගේ කැඳවීමට ඔබින ලෙස (1 පදය) ජීවත් වෙමින් අප යාමට සුදානම්ද?