සභා පාලක ඩේමියන්ගේ කාල සටහනට ජීවිත මාර්ග දෙකක් තෝරා ගත් මරණාසන්නවූ දෙදෙනෙක් බැලීමට ආරෝග්‍ය ශාලාවට යාම ඇතුළත් විය. එක් රෝහලක තම පවුලේ අයගේ ප්‍රේමයට භාජනය වූ ස්ත්‍රියක් සිටියාය. ඇයගේ පරාර්ථකාමී පොදු සේවය බොහෝ අය වෙත ඇයව ඇද ගනු ලැබීය. යේසුස්වහන්සේ තුළ අන් ඇදහිලිවතුන් ඇය වටා රොක් වී සිටියෝය. නමස්කාරය යාච්ඤාව සහ බලාපොරොත්තුවෙන් කාමරය පිරී තිබුණි. තවත් රෝහලක සභා පාලක ඩේමියන්ගේ සභාවේ සාමාජිකයෙක් වන ඥාතියෙක්ද මරණාසන්නව සිටියේය. ඔහුගේ දැඩි සිත දැඩි පීඩනයකට ඔහුව යොමු කර තිබූ අතර ඔහුගේ වැරදි සහ වැරදි තීරණ නිසා ඔහුගේ පවුල අවුල් වී තිබුණි. එක් එක්කෙනා ජීවත් වූ ආකාරයෙහි වෙනස ඔවුන්ගේ වට පිටාවෙන් ප්‍රකාශ විය.

ජීවිතයේ තමන් යන්නේ කොහාටද යන්න ගැන නොසළකන අය අපහසු වූ ප්‍රියයක් නැති සහ තනි ස්ථානවල නවතින බව බොහෝ විට දැන ගනිති. හිතෝපදේශ 14:12 හී පවසන්නේ “මනුෂ්‍යයෙක්ට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ” යනුවෙනි. තරුණ හෝ මහළු, රෝගී හෝ නිරෝගී, ධනවත් හෝ දුගී හෝ වේවා අපගේ ගමන් මාර්ගය නැවත පරීක්‍ෂා කර බැලීමට තවමත් ප්‍රමාද නැත. එය අපව ගෙන යන්නේ කොහාටද? එය දෙවියන්වහන්සේට ගෞරව කරාවිද? එය අන් අයට උපකාර කරාවිද විනාශ කරාවිද? යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක්ට ඇති හොඳම මාර්ගය එයද? වැදගත් වන්නේ තෝරා ගැනීමය. “මා වෙතට වරෙල්ලා. මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28) යනුවෙන් කිවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේ වෙතට අපි හැරෙන විට ස්වර්ගයේ දෙවියන්වහන්සේ හොඳම තීරණය ගන්න අපට උපකාර කරන සේක.