මාස දෙකක් වයස් වූ තම පුත්‍රයාට නියමිත එන්නත ලබා දෙද්දී පියෙක් විසින් ඔහුව සනසන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් 2017 දී ජාත්‍යයන්තරය ආකර්ෂණය කර ගත්තේය. ඒ පියෙක් තම දරුවාට දක්වන ප්‍රේමය ඉන් පිළිඹිබු වන නිසාය. සාත්තු සේවිකාව එන්නත ලබා දී අවසන් කළ පසු පියා මෘදු ලෙස තම පුතාව ඔහුගේ කම්මුලට ළංකර ගත් විට තත්පර ගණනකින් පුත්‍රයා හැඬීම නතර කළේය. මාපියෙකුගේ මෘදු සැළකිල්ලට වඩා ස්ථිරතාවය දෙන තවත් දෙයක් නැත්තේය.

උන්වහන්සේගේ දරුවන් කෙරෙහි වන දෙවියන්වහන්සේගේ ගැඹුරු ප්‍රේමය දක්වන දෙවියන්වහන්සේ ප්‍රේමණීය පියෙකු මෙන් පෙන්වන අලංකාර විස්තර බොහෝමයක් දේව වචනයෙහි ඇත. බෙදුණු රාජධානිය කාලයේදී උතුරු රාජධානියෙහි සිටි ඉශ්‍රායෙල්වරුන්ට ලබා දීමට පණිවුඩයක් පරණ ගිවිසුමෙහි අනාගතවක්තෘ කෙනෙක් වූ හොෂෙයාට ලැබුණි. දෙවියන්වහන්සේ සමග නැවත සම්බන්ධතාවයකට එන ලෙසට ඔහු ඔවුන්ට දැන්වූයේය. දෙවියන්වහන්සේ මෘදු පියෙක් මෙන් දක්වමින් හොෂෙයා ඉශ්‍රායෙල්වරුන්ට මතක් කර දුන්නේ ඔවුන් කෙරෙහි වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයයි. එනම් “ඉශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේම කොට” (හොෂෙයා 11:1) සහ “ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි” (4 පදය) යනුවෙන් දක්වමිනි.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සැළකිල්ල දක්වන එම පොරොන්දුවේ සහතිකය අපටද සත්‍යය වන්නේය. අපි උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රතික්‍ෂේප කර හෝ අපගේ ජීවිතවල දුක හා පීඩාවන් නිසා හෝ කාලයකට පසුව උන්වහන්සේගේ මෘදු සැළකිල්ල සොයන විට උන්වහන්සේ අපව උන්වහන්සේගේ දරුවන් ලෙසට කැඳවා (1 යොහන් 3:1) අපව පිළිගැනීමට උන්වහන්සේගේ සැනසිල්ලේ දෑත් දිගුකර සිටින සේක (2 කොරින්ති 1:3-4).