කවියෙක් වූ විලියම් කව්පර් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් මානසික විශාදිය සමග පොර බැදුවේය. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමකින් පසුව ඔහුව මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. එහිදී කිතුනු වෛද්‍ය වරයෙක්ගේ සැළකිල්ල තුළින් කව්පර් යේසුස්වහන්සේ තුළ උණුසුම් අගනා ඇදහිල්ලකට පැමිණියේය. ඉන්පසුව ඔහු සභාපාලක සහ ගීතිකා රචක ජෝන් නිව්ටන් හඳුනා ගත් අතර ඔවුන්ගේ සභාවට ගීතිකා පොතක් රචනා කරන්න ජෝන් නිව්ටන් ඔහුව දිරි ගැන්වූයේය. ඔහු ලිවූ ගීතිකා අතර “දෙවියන්වහන්සේ අභිරහස් ලෙස ක්‍රියා කරන සේක” යන්නෙහි ඔහු ලැබූ අත්දැකීම් මෙම වචන වලින් පැහැදිළි වන්නේය. “බියකරු ඇදහිලිවතුනී, නැවුම් දිරියක් ලබා ගන්න. ඔබ ඒ තරම් බියවූ වලාකුළු දයාවෙන් විශාල වන අතර ඒවා බිඳී ඔබගේ හිස මත වැටෙනු ඇත”.

කව්පර් මෙන් යුදාහි සෙනගද බලාපොරොත්තු නොවූ ආකාරයට දෙවියන්වහන්සේගේ කරුණාවන්තකම අත් දුටුවෝය. එකමුතු හමුදාවක් ඔවුන්ගේ දේශයට පහර දෙන විට යෙහොෂාපාට් රජු සෙනගව යාච්ඤාවට කැඳවූයේය. යුදාගේ හමුදා ඉදිරියට යන විට පෙරටුව ගමන් කළ සෙනග දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ (2 ලේකම් 20:21). පහර දීමට පැමිණි හමුදා එකිනෙකාට විරුද්ධව සටන් කළහ. “ගැළවුනාවූ කිසිවෙක්ද නොසිටියේය. …. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියෝය” (24-25 පද).

සතර වෙනි දවසේදී දෙවියන්වහන්සේගේ සෙනගට විරුද්ධව සතුරු ආක්‍රමණික හමුදා රැස්වූ ස්ථානයට බෙරාකා මිටියාවත කියා නම් කෙරුණි. එහි අර්ථය වන්නේ “ප්‍රශංසාවේ හෝ ආශිර්වාදයේ මිටියාවත” යන්නයි. මොන තරම් වෙනසක්ද` අපි උන්වහන්සේට අසීරු මිටියාවත් භාර දෙන විටදී දෙවියන්වහන්සේගේ දයාවට එම ස්ථාන ප්‍රශංසාවේ මිටියාවත් කළ හැකිය.