මගේ සහෝදරියත් සහෝදරයත් මමත් අපගේ මාමාගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා අප පදිංචි විවිධ ප්‍රදේශවල සිට ගුවනින් පැමිණියෙමු. ඒ අතර තුර අනූ වියැති අපගේ ආච්චී බැලීමටද නැවතුනෙමු. ඇය අංශභාග රෝගයෙන් පෙළුණි. කථා කිරීමට පවා නොහැකි වූ ඇයට භාවිතා කළ හැකි වූයේ දකුණු අත පමණි. අපි ඇගේ ඇඳ වටා රැස්ව සිටි වේලේ ඇය එම අත දිගු කර අප එකිනෙකාගේ අත් ගෙන ඒවා එකක් උඩ එකක් ඇගේ හදවත මත තබා ගෙන තට්ටු කරමින් සිටියාය. ඒ වචන රහිත ක්‍රියාවෙන් සහෘදයන්ගේ දුරස් වූ බිඳුණු සම්බන්ධතා ගැන ඇය කථා කළාය. “පවුලේ කාරණා”.

දෙවියන්වහන්සේගේ පවුල වන සභාවේද අපට දුරස්ව වැඩෙන්න පුළුවන. අපව එකිනෙකාගෙන් වෙන් කිරීමට තිත්තකමට ඉඩ දීමට අපට හැකිය. හෙබ්‍රෙව් කර්තෘ තිත්තකම ඒසව්ව සිය සහෝදරයාගෙන් වෙන් කිරීම ගැන කථා කරමින් (හෙබ්‍රෙව් 12:16) දෙවියන්වහන්සේගේ පවුලේ සහෝදර සහෝදරියන් ලෙසට එකිනෙකාව අල්ලා ගෙන සිටින්න අභියෝග කරන්නේය. “සියල්ලන් සමග සමාදානයෙන් සිටින්ටත් … උත්සාහ කරපල්ලා” (14 පදය). මෙහි උත්සාහ කරපල්ලා යන්නෙන් අර්ථවත් වන්නේ දෙවියන්වහන්සේගේ පවුලේ සහෝදර සහෝදරියන් සමග උවමනාවෙන් සහ තීරණාත්මකව කරන සමාදානයේ ආයෝජනයක් බවය. එවැනි සියලු උත්සාහයන් සියල්ලන්ට අදාළ වන්නේය.

සියලු දෙනාට පවුලේ කාරණා වැදගත් වන්නේය. ඒ අපගේ භෞමික පවුල සහ ඇදහිලිවතුන් ගෙන් යුත් දෙවියන්වහන්සේගේ පවුලටද වන්නේය. එකිනෙකාව අල්ලා ගෙන සිටීමට අවශ්‍ය සියලු උත්සාහයන් අපි ආයෝජනය කරමු.