ජර්මනියේ සොරුන් පිරිසක් චොක්ලට් ටොන් විස්සකට වඩා පිරී තිබුණු ශීතකරණ ට්‍රක් රඨයක් කොල්ල කෑහ. තක්සේරු කරන ලද චොක්ලට්වල වටිනාකම ඩොලර් 80,000 කි. පොලිසිය සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටියේ අසාමාන්‍ය මාර්ගවලින් විශාල ලෙස චොක්ලට් විකිණීමට උත්සාහ කරන අය ගැන වහාම පොලිසිය දැනුවත් කරන ලෙසටයි. මහා පරිමාණයෙන් මෙම චොක්ලට් සොරකම් කරන ලද වුන් අසුවී වැරදිකරුවන් කරනු ලැබූයේ නම් ඔවුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රතිවිපාකයන් ඉතාමත් තිත්ත විය හැකිව තිබුණි.

හිතෝපදේශය මෙම මූලධර්මය ස්ථිර කරන්නේය. “වංචාවේ කෑම මනුෂ්‍යයෙකුට මිහිරිය. එහෙත් පසුව ඔහුගේ කට බොරළු වලින් පිරෙයි” (20:17). අපි වැරදි ලෙස හෝ රැවටිල්ලෙන් හෝ ගන්නා දේවල් තාවකාලික ප්‍රීතියක් ගෙන දෙමින් ප්‍රථමයෙන් මිහිරි ලෙස පෙනෙනු ඇත. නමුත් එහි රස ක්‍රමයෙන් පහව ගොස් අවසානයේ අප හිඟ බවටත් කරදරයටත් පත් වනු ඇත. වරදකාරී බවේද බියේ සහ පාපයේද ප්‍රතිවිපාකයන් අවසානයේදී අපගේ ජීවිත සහ කීර්ති නාමයන් විනාශ කර දමන්නේය. “ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශ වේ” (11 පදය). ආත්මාර්ථකාමී ආශාවන් වල තිත්තකම නොව අපගේ වචන සහ ක්‍රියාවන් දෙවියන්වහන්සේ වෙනුවෙන් පවිත්‍ර හදවතක් ප්‍රකාශ කෙරේවා.

අපට පරීක්‍ෂාවන් පැමිණෙන විටදී අපව ශක්තිමත් කර උන්වහන්සේට විශ්වාසවන්තව සිටීමට උපකාර කරන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු. පරීක්‍ෂාවට වැටීමේ කෙටිකාලීන ක්‍රම පසෙක තබා අපගේ තීරණවල දිගුකාලීන ප්‍රතිවිපාකයන් පරෙස්සමින් සළකා බැලීමට මග පෙන්වීමට උන්වහන්සේට අපට උපකාර කළ හැකිය.