“සාර්ථක වීමට එකම ක්‍රමය මාගේ භාර්යයාව, පුතා සහ දියණිය අමතක කිරීම බව මම දැන සිටියෙමි. නමුත් මට එසේ කළ නොහැකි බව මම සොයා ගත්තෙමි. හේතුව වන්නේ ඔවුන් මගේ හදවත සහ මනස නැමැති රෙදිකඩට ගෙතී සිටි බැවිනි” යනුවෙන් ජෝර්ඩන් කීවේය. පාළු ප්‍රදේශයක තනිවම අවම ද්‍රව්‍යවලින් හැකි තරම් කාලයක් එළිමහනේ ජීවත් වීමට අභියෝග කරන තරඟයකට ජෝර්ඩන් සහභාගී වෙමින් සිටියේය. ඔහුට දරා ගැනිමට නොහැකි වූයේ හිම වලස්සු, ශරීරය ගල් කරන සීතල, තුවාල හෝ කුසගින්න නොවේ. කිව නොහැකි තනිකම සහ ඔහුගේ පවුල සමග සිටීමේ ආශාවයි.

අප සියල්ලන්ට පාළුකරයේ ජීවත්වීමට අවශ්‍ය නිපුණත්වය තිබුණත් සමූහනයෙන් අපව වෙන් කර ගැනීම ඒකාන්තයෙන්ම අසාර්ථකත්වයට හේතු වනු ඇත. දේශනාකාරයා පොතේ ණැනවත් කතුවරයා පවසන්නේ “එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. මක්නිසාද …… ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත” (4:9-10 පද) යනුවෙනි. සියලු වියවුල් වලින් පිරුණද ක්‍රිස්තුස්වහන්වහන්සේට ගරු කරන සමූහනය අපගේ ප්‍රගතියට අත්‍යවශ්‍ය වේ. මේ ලෝකයේ පරීක්‍ෂාවන් අපගේ උත්සාහයෙන් මැඩ පැවැත්වීමට උත්සාහ කළහොත් අපට එසේ කළ නොහැකි වනු ඇත. තනියෙන් වෙහෙසෙන්නා ානිෂ්ඵලයේ වෙහෙසෙයි (8 පදය). සමූහනයක් නොමැතිව අනතුරු ඇති වීමට වැඩි ඉඩක් තිබේ (11-12 පද). තනිපට ලනුවකට වඩා “තුන්පට ලනුවක් ඉක්මණින් නොකැඩෙන්නේය” (12 පදය).

ප්‍රේමණීයවූ සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කර ඇති සමූහනය නැමැති දීමනාව දිරිය ලබා දෙනවා පමණක් නොව අභියෝග අවස්ථාවන්හි පවා වර්ධනය වීමට ශක්තියද ලබා දෙන්නේය. අපට එකිනෙකා අවශ්‍ය වන්නේය.