1862 දෙසැම්බර් මස 30 වන දින එක්සත් ජනපද සිවිල් යුද්ධය ආරම්භ වුනි. ටෙනෙසීහී ගල් ගංගාව දෙපැත්තෙහි යාර හත්සියයක පරතරයක් තබා සන්ධාන සහ එකමුතු හමුදා කඳවුරු ගසා ගත්හ. ඔවුනු ගිනිමැළ වටා උණුසුම් වන අතර තුරදී සන්ධාන හමුදා තම සංගීත භාණ්ඩ රැගෙන “යැංකි ඩූඩල්” ගීතය වාදනය කරන්න පටන් ගත්හ. එයට ප්‍රතිචාර ලෙස එකමුතු හමුදා “ඩික්සි” වාදනය කළහ. අවසාන වශයෙන් දෙකොට්ඨාශයම එකතුව සමාදානයෙන් යුතුව “හෝම් ස්වීට් හෝම්” වාදනය කිරීම මවිතයට හේතු විය. පරම සතුරෝ ඝණ අන්ධකාරයේ සංගීතය බෙදා ගත්තේ සිතා ගැනීමට බැරි සාමයක ඡායාවක් පෙන්වමිනි. කෙසේ වෙතත් සංගීත ගිවිසුම කෙටිකාලීන වුනි. පසු දින උදෑසන ඔවුහු තම සංගීත භාණ්ඩ බිම තබා තුවක්කු අතට ගත් අතර සොල්දාදුවන් 24,645 ක් මිය ගියහ.

සාමය ඉපදවීමට අප ගන්නා මානුෂීය උත්සාහයන් ඉක්මණින් මැකී යන්නේය. එක් තැනකින් සතුරුකම් නිවී යන්නේ තවත් තැනකින් ඇවිලෙන පිණිසය. එක් සම්බන්ධතා ගැටළුවකට විසඳුමක් ලැබෙන්නේ මාස කිහිපයකින් නැවත බුර බුරා ඉස්මතු වන පිණිසය. දේව වචනය අපට පවසන්නේ අපගේ එකම විශ්වාසවන්ත සමාදාන කරුවාණන් දෙවියන්වහන්සේ පමණක් බවය. ඒ බව යේසුස්වහන්සේ සරලව පැවසූ සේක : “මා තුළ නුඹලාට සමාදානය තිබෙන” (යොහන් 16:33) බවයි. යේසුස්වහන්සේ තුළ අපට සමාදානය තිබේ. අපි උන්වහන්සේගේ සාම දූතනයට සහභාගී වන කල සත්‍යය සමාදානයට හැකියාව දෙන්නේ දෙවියන්වහන්සේගේ සමගි කිරීම සහ නැවුම් කිරීමය.

ගැටුම මග හැරීමට අපට නොහැකි බව ක්‍රිස්තුස්වහන්සේ පවසන සේක. “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ” යයි යේසුස්වහන්සේ කියන සේක. විරෝධය වැඩිවන්නේය. නමුත් “ධෛර්යවත් වෙයල්ලා. මම ලෝකයෙන් ජය ගතිමි” කියා උන්වහන්සේ වැඩිදුරටත් කියන සේක (33 පදය). අපගේ උත්සාහයන් බොහෝ විට නිෂ්ඵල වුවද අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ දුෂ්ඨකමෙන් පිරි මේ ලෝකයේ සාමය ඇති කරන සේක.