මහාචාර්ය ඩැනියෙල් බෝව්මන් කණිෂ්ඨ, තම රචනාව වන “සේවය සහ වර්ණාවලියෙහි” ලියන්නේ අන් අයට වඩා අසාමාන්‍ය ගුණාංග ඇති පුද්ගලයෙකු ලෙස සභාවට සේවය කිරීමට තීරණ ගැනීමේ ඇති අපහසුතාවයයි. ඔහු පැහැදිළි කරන්නේ “ඕටිසම් රෝගයෙන් පෙළෙන අය හැම වෙලාවේම ඉදිරියට යාමට නව මාර්ගයක් සොයා ගන්නා බවයි. එය පිළිගත හැකි ආවේණික මාර්ගයකි. එය සළකා බලන්නේ මානසික, භාවමය සහ ශාරිරික ශක්තිය සහ කාලය නැවත ආරෝපිත කිරීම්, ශාරීරික සංවේදිතාව යෙදවීම්, පහසුකමේ මට්ටම් සහ දවසේ කුමන වේලාවද යනාදියයි. අපගේ ශක්තීන් සහ අවශ්‍යතාවයන් අනුව අපව ඇතුළත් කර ගන්නවාද නැතිනම් පෙනෙන අඩුපාඩුකම් නිසා ඉවත් කරනවාද සහ තවත් දේවල්ය. බෝව්මන් ලියන්නේ එවැනි තීරණ එනම් කාලය සහ ශක්තිය නැවත සකස් කිරීම ඔවුන්ව ඉවත් නොකර අපවම ඉවත් කරන බවය.

බෝව්මන් විශ්වාස කරන්නේ 1 කොරින්ති 12 හි පාවුල් විස්තර කරන අන්‍යෝන්‍ය දැක්ම සුව කිරීමේ විසඳුමක් විය හැකි බවයි. 4-6 පදවල විස්තර වන්නේ දෙවියන්වහන්සේ පොදු යහපත පිණිස එකිනෙකාට ආවේණික දීමනා දී ඇති බවයි (7 පදය). සෑම කෙනාම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයට නැතුවම බැරි සාමාජිකයෙක් වන්නේය (22 පදය). දෙවියන්වහන්සේ දී ඇති එකිනෙකාට ආවේණික ශරීර ව්‍යුහය සහ දීමනා සභාව තේරුම් ගත් විට එකම ආකාරයට සේවය කරන්න යයි ඔවුන්ව පීඩාවට පත් නොකර ඔවුන්ගේ දීමනාවලට සරිලන ලෙස සේවය කිරීමට තම සාමාජිකයනන්ට උදව් කිරීමට සහයෝගය දිය හැකිය.

මේ ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ තමන්ගේ වටිනා ස්ථානය සොයා ගැනිමට සෑම කෙනාටම වර්ධනය සහ පූර්ණකම සොයා ගෙන ආරක්‍ෂිත භාවය ලබා ගත හැකිය (26 පදය).