මගේ මිතුරු රැලේ ඔහුගේ අසූපස් වන උපන් දිනය කරා වේගයෙන් ගමන් කරමින් සිටියි. වසර තිස් පහකට පමණ පෙර ඔහු සමග වූ මගේ ප්‍රථම සංවාදයේ සිට ඔහු ජ්වලිතකමේ මූලාශ්‍රයක් වුනි. විශ්‍රාම ගිය දින සිට ඔහු පොත් පිටපතක් අවසන් කළ බවත් තවත් සේවා ආරම්භක පියවරක් ගත් බවත් කී විට මම කුතුහලයට පත් වූවත් පුදුම නොවීමි.

බයිබලයේ කාලෙබ්ද අසූපස් වෙනි වියේදී නැවැත්වීමට සුදානම්ව නොසිටියේය. ඔහුගේ ඇදහිල්ල සහ දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ භක්තිය දශක ගණනාවක් පාළුකරයේ ජීවත්වීම සහ යුද්ධ තුළින් යාම මගින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට පොරොන්දුවූ උරුමය ලබා ගැනීමට ඔහුට උපකාරී විය. “මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධ කරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ” (යෝෂුවා 14:11) යයි ඔහු කීවේය. ඔහු ආක්‍රමණය කරන්නේ කෙසේද? කාලෙබ් ප්‍රකාශ කළේ “ස්වාමින්වහන්සේ කී ලෙස සමහර විට උන්වහන්සේ මා සමග සිට ඔවුන් එළවන්ට මට පුළුවන් කරන සේකැයි කීවේය” යනුවෙනි (12 පදය).

වයසද, ජීවිතයේ තත්ත්වයන් හෝ අවස්ථාවන් හෝ කුමක් වූවත් උන්වහන්සේව මුළු හදවතින්ම විශ්වාස කරන අයට දෙවියන්වහන්සේ උපකාර කරන සේක. අපට උපකාර කරන යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ දෘශ්‍යමාන වන සේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි දකින දේවල් මගින් ශුභාරංචි පොත් දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ජ්වලිත කරවයි. උපකාරය සඳහා උන්වහන්සේ දෙස බලන සෑම කෙනෙක්ටම උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සැළකිල්ල සහ දයාව ප්‍රදර්ශනය කරන සේක. හෙබ්‍රෙව් පොතේ කර්තෘ පිළිගන්නා ආකාරයට “ස්වාමින්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය. මම භය නොවන්නෙමි” (හෙබ්‍රෙව් 13:6). තරුණ හෝ මහලු, දුර්වල හෝ ශක්තිමත්, වහල් හෝ නිදහස්, දුවන හෝ කොරගසන හෝ වේවා උන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමෙන් අද දවසේ අපව වළක්වන්නේ කවුරුන්ද?