වෛද්‍ය පරීක්‍ෂණයකින් පසු තවත් වෛද්‍ය පරීක්‍ෂණයක් යනාදි වශයෙන් බෙව්ගේ කාල සටහන පිරී යද්දී විඩාවෙන් ඈ යටපත් වූවාය. වෛද්‍යවරු ඇයට අනතුරු ඇඟවූයේ ඇයගේ ශරීරයේ කොතැනක හෝ තිබිය හැකි පිළිකාවක් ඔවුන් සොයන බවයි. ඇය දෙවියන්වහන්සේ වෙත හැරී හෝ බයිබලය කියවන විටදී හෝ සෑම දිනකම දෙවියන්වහන්සේ ඇයව දිරිමත් කළේ උන්වහන්සේගේ අභිමුඛයෙන් සහ සමාදානය වර්ධනය කරන උන්වහන්සේගේ පොරොන්දු වලිනි. ඇය අවිනිශ්චිතතාවයන් සමග පොර බැදුවාය. එසේම මෙසේ වුවහොත් යන සිතුවිල්ල බොහෝ අවස්ථාවන් වලදී දෙවියන්වහන්සේගේ කර මත තැබීමට ඉගෙන ගත්තාය. එක් උදෑසනක බැරෑරුම් ශල්‍ය කර්මයකට පෙර බයිබලයේ පිටු අතරින් පිටතට පැන නැගුණු නික්මයාම 23 හි එක් පදයක්  බ්‍ර්ව්ට හමුවුනි. “බලව, මාර්ගයෙහි නුඹ ආරක්‍ෂා කරන පිණිසද ….. නුඹට පෙරටුව දූතයෙකු යවමි” (20 පදය).

එම වචන දෙවියන්වහන්සේ විසින් මෝසෙස් තුළින් උන්වහන්සේගේ සෙනගට කී ඒවාය. උන්වහන්සේ ඔවුන්ට අනුගමනය කිරීමට පනත් දී අලුත් දේශයකට ඔවුන්ට මග පෙන්වමින් සිටි සේක (14-26 පද). නමුත් එම උපදෙස් මධ්‍යයෙහි “ඔවුන්ව ආරක්‍ෂා කරන පිණිස” (20 පදය) ඔවුන්ට පෙරටුව දේව දූතයෙක් යවන බව උන්වහන්සේ ඔවුන්ට කී සේක. එසේම හෙබ්‍රෙව් 1:14 හි දැක්වෙන්නේ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන්ට සේවය කරන පිණිස දෙවියන්වහන්සේ “සේවක ආත්මයෝ” එවන බවය.

අපි ක්‍රිස්තුස්වහන්සේව දන්නේ නම් අපට සේවය කරන පිණිස උන්වහන්සේ දේවදූතයෙක් හෝ දේවදූතයන් අප අසළ තබන සේක.