ආත්මික සටන් කරන විට යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් යාච්ඤාව බැරෑරුම් ලෙස සැළකිය යුතු වේ. කෙසේ වෙතත් ෆ්ලොරිඩාවේ කාන්තාවක් සොයා ගත්තේ එය අඥානව පුහුණු වීම කෙතරම් භයානකද කියාය. ඇය යාච්ඤා කරන විට ඇස් වසා ගත්තාය. එක් දිනක් රථය පදවද්දී ඇස් වසා ගෙන යාච්ඤා කරමින් සිටි ඇය නවතිනු යන සළකුණ ඉදිරියෙහි නතර කිරීමට අපොහොසත්ව ඇය මංසන්ධියක් හරහා වේගයෙන් ගොස් පාරෙන් ඉවත ඇති ඉඩමකට වැටක් කඩා ගෙන රථය පැදවීය. ඊට පසු ඇය රථය පසුපසට ගැනීමේ අසාර්ථක වෑයමක යෙදුනාය. ඇයට තුවාල නොවූවද නොසැළකිලිමත් ධාවනය සහ ඉඩමට හානි කිරීම ගැන ඇයට දඩයක් නියම විය. එපීස 6:18 හි ඇති ප්‍රධාන කොටසක් මෙම යාච්ඤා වීරවරියට මග හැරී තිබුණි. එනම් “අවදිව සිටින්න” යන්නයි.

එපීස 6 හි දෙවියන්වහන්සේගේ සම්පූර්ණ යුද්ධායුධ අතර අපෝස්තලු පාවුල් අවසාන කාරණා දෙකක් ඇතුළත් කරයි. පළමුව අපි ආත්මික සටන් කළ යුත්තේ යාච්ඤාව සමගය. මෙයින් අදහස් වන්නේ ආත්මයාණන් කරණ කොට ගෙන උන්වහන්සේගේ බලය මත යැපෙමින් යාච්ඤා කිරීමය. උන්වහන්සේගේ මග පෙන්වීම මත රැඳෙමින් සහ උන්වහන්සේගේ හඬට ප්‍රතිචාර දක්වමින් සියලු කාලවලදී සියලු යාච්ඤා වලින්ද යාච්ඤා කිරීමය (18 පදය). දෙවනුව පාවුල් අපව දිරිගන්වන්නේ “අවදිව” සිටින ලෙසටය (20 පදය). යේසුස්වහන්සේගේ නැවත පැමිණීමට සුදානම් වීමටද (මාර්ක් 13:33) පරීක්‍ෂාවෙන් ජයගැනීමටද (14:38) සහ අනෙක් ඇදහිලිවතුන් වෙනුවෙන් යාච්ඤා කිරීමටද (එපීස 6:20) ආත්මිකව අවදිව සිටීම අපට උපකාර කරනු ඇත.

අප දිනපතා ආත්මික සටන් කරද්දී අපගේ ජීවිතවල “අවදිව යාච්ඤා කිරීම” ඇතුළත් කර අඳුරු බලවේග ආක්‍රමණය කර ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයෙන් අඳුර දුරු කර හරිමු.