දැන් වැඩිහිටියෙක් වී සිටින මගේ පුත් සේවියර් පහළ බාලාංශයේ සිටින විට දෑත් විදහා පැවසුවේ “මම ඔබට මෙතරම් ආදරෙයි” කියාය. මමත් මගේ දිගු දෑත් විදහා “මම ඔබට මෙතරම් ආදරෙයි” කියා කීවෙමි. නමුත් ඔහු තම අත් ඉණේ තබා ගෙන “මම පළමුවෙන් ප්‍රේම කළා” යයි කීවේය. මම හිස වැනුවෙමි. “දෙවියන්වහන්සේ ඔබව පළමුවෙන් මගේ ගර්භාෂයේ තැබූ විට මම ඔබට ප්‍රේම කළෙමි” කියා කීවෙමි. සේවියර්ගේ දෑස් පුළුල් විය. “ඔබ දිනුම්” ඔහු කීවේය. “අපි දෙදෙනාම දිනුම්” මම කීවෙමි. “මක්නිසාදයත් අපි දෙදෙනාටම පළමුව ප්‍රේම කළේ යේසුස්වහන්සේ” නිසාය.

සේවියර් ඔවුන්ගේ ප්‍රථම දරුවාගේ පැමිණීමට සුදානම් වන්නේය. ඔවුන් මිහිරි මතකයන් ඇති කර ගන්නා විට සේවියර් තම පුතාගේ ප්‍රේමය අභිබවා ප්‍රේම කිරීමට උත්සාය කිරීම භුක්ති විඳින ලෙසට යාච්ඤා කරමි. නමුත් ආච්චි අම්මා කෙනෙක් වශයෙන් සුදානම් වන විට සේවියර් සහ ඔහුගේ භාර්යාව දරුවෙක් බලාපොරොත්තු වන බව කී දිනයේ සිට මම මුණුපුරාට කෙතරම් ප්‍රේම කරනවාදැයි දැනීමෙන් මම මවිත වූයෙමි.

අපෝස්තලු යොහන් පවසන්නේ යේසුස්වහන්සේට සහ අන් අයට ප්‍රේම කිරීමට අපට හැකියාව දී ඇත්තේ යේසුස්වහන්සේගේ ප්‍රේමය බවයි (1 යොහන් 4:19). උන්වහන්සේ අපට ප්‍රේම කරන බව දැන ගැනීම උන්වහන්සේ සමග ඇති අපගේ පුද්ගලික සම්බන්ධතාවය ගැඹුරු කරන ආරක්‍ෂාවේ හැඟීමක් අපට ලබා දෙන්නේය (15-17 පද). අප කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර අප තේරුම් ගන්නා කල (19 පදය) අප උන්වහන්සේ කෙරෙහි දක්වන ප්‍රේමය වර්ධනය කර ගැනිමටද අනෙක් සම්බන්ධතා වලදී ප්‍රේමය ප්‍රකාශ කිරීමටද අපට හැකි වන්නේය (20 පදය). යේසුස්වහන්සේ ප්‍රේම කිරීමට අපව බලගන්වනවා පමණක් නොව ප්‍රේම කිරීමට අපට ආඥා කරන සේක. “දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව” (21 පදය). හොඳින් ප්‍රේම කිරීම යන්න ගැන කථා කරද්දී දෙවියන්වහන්සේ සෑම විටම ජය ගන්නා සේක. අපි කෙතරම් තදින් උත්සාහ කළත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපට පැරදවිය නොහැක.