“ලඟදී සිදුවන මොළයේ ස්කෑන් පරීක්‍ෂණය”, “මගේ දරුවන් නැවතත් සභාවට පැමිණිම”, “තම භාර්යාව අහිමිවූ ඩේව්ට සහනයක්” යනාදී වශයෙන් සෑම සතියකම ලැයිස්තුවක් අපගේ කාඩ් සේවා කණ්ඩායමට ලැබේ. ඒ වෙනුවෙන් අපි යාච්ඤා කර එක එක පුද්ගලයාට අතින් ලියන ලද සටහනක් යවන්නෙමු. ඉල්ලීම් අති විශාලය. අපගේ උත්සාහයන් කුඩා සහ ඇස නොගැසී යන ඒවා මෙන් පෙණුනි. නමුත් තම ප්‍රේමණීය භාර්යාවගේ මරණ දැන්වීමත් සමග ඩේව්ගෙන් (මෑතකදී බිරිඳ මිය ගිය) ලැබුණු හදවතට වදින ස්තුති කාඩ් පත එය වෙනස් කළේය. යාච්ඤාව වැදගත් බව මට නැවත සිහිපත් වුනි.

අපි නිතරම උවමනාවෙන් සහ බලාපොරොත්තු සහගත ඇදහිල්ලකින් යාච්ඤා කළ යුතු බවට යේසුස්වහන්සේ ආදර්ශයක් දුන් සේක. උන්වහන්සේ පොළොවේ ගත කළ ජීවිතය සීමාසහිත විය. නමුත් තනිව යාච්ඤා කිරීමට උන්වහන්සේ ප්‍රමුඛතාවය දුන් සේක (මාර්ක් 1:35; 6:46; 14:32).

වසර සිය ගණනකට පෙර යූදාහී රජු වූ හෙසකියාද මෙම පාඩම ඉගෙන ගත්තේය. රෝගයක් නිසා ඔහු මිය යනු ඇතැයි හෙසකියාට කියනු ලැබීය (2 රාජාවලිය 20:1). දුකට පත්වී තදින් හඬමින් ඔහු “තමාගේ මුහුණ භිත්තිය දෙසට හරවා ගන ස්වාමීන්වහන්සේට” යාච්ඤා කළේය (2 පදය). මෙම අවස්ථාවේදී දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය ක්‍ෂණික විය. උන්වහන්සේ හෙසකියාගේ රෝගය සුව කර ඔහුගේ ජීවිතයට වසර පහළොවක් එකතු කර රාජධානිය සතුරන්ගෙන් ගළවා ගැනිමට පොරොන්දු වූ සේක (5-6 පද). දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන්නේ හෙසකියා යහපත් ජීවිතයක් ගත කළ නිසා නොව නමුත් උන්වහන්සේගේ ගෞරවය සහ උන්වහන්සේගේ මෙහෙකරු වූ දාවිත් වෙනුවෙනි (5-6 පද). අපට සෑම විටම අප ඉල්ලන දේ නොලැබෙනු ඇත. නමුත් දෙවියන්වහන්සේ සෑම යාච්ඤාවක් තුළින්ම සහ මගින් ක්‍රියා කරන බවට අපට ස්ථිර විය හැකිය.