එක් උදෑසනක ඩීන් නිවසින් එන විට බැලූන් අතැතිව මිතුරන් බලා සිටින බව ඔහු දුටුවේය. ඔහුගේ මිතුරු ජොෂ් පෙරට පැමිණ “ඔබගේ කවි අපි තරඟයකට ඉදිරිපත් කළා” යනුවෙන් කීවේ ඔහුට ලියුම් කවරයක් ලබා දීමට මත්තෙනි. එම කවරයේ ඇතුළත තිබුණේ “පළමු ත්‍යාගය” යනුවෙන් ලියා තිබූ කාඩ් පතකි. වැඩි වේලාවක් යන්න මත්තෙන් සියල්ලෝම සතුටු කඳුළු හෙළුවෝය. ඩීන්ගේ මිතුරෝ අලංකාර දෙයක් කර තිබුණි. ඔව්හු ඔහුගේ ලිවීමේ හැකියාව ස්ථිර කර තිබුණි.
ප්‍රීතිය නිසා කඳුළු හෙළීම පරස්පර අත්දැකීමකි. කඳුළු සාමාන්‍යයෙන් වේදනාවට ප්‍රතිචාරයක් මිස ප්‍රීතියට නොවේ. එසේම ප්‍රීතිය සාමාන්‍යයෙන් ඉස්මතු වන්නේ සිනහවකින් මිස කඳුළු වලින් නොවේ. ඉතාලි මනෝවිද්‍යාඥයෝ සොයා ගෙන ඇත්තේ ප්‍රීතියේ කඳුළු ඇත්තේ ගැඹුරු ප්‍රෙු්මයේ අත්දැකීමක් ලැබුණු විට හෝ ප්‍රධාන ඉලක්කයක් අත්කර ගත් විට හෝ වැනි ගැඹුරු පුද්ගලික අර්ථයක් ඇති විටය කියාය. ඉන් ඔවුන් නිගමනය කළේ ප්‍රීතියේ කඳුළු අපගේ ජීවිතයේ අර්ථය පෙන්නුම් කරන්නක් ලෙසිනි.
යේසුස්වහන්සේ ගිය ගිය තැන්වල ප්‍රීතියේ කඳුළු ගලා යන්න ඇතැයි මම සිතමි. යේසුස්වහන්සේ උපතින් අන්ධ මිනිසාව සුව කළ විට ඒ දෙමාපියන් (යොහන් 9:1-9) හෝ තමන්ගේ සහෝදරයා මරණින් නැගිටෙවු පසු මරියා සහ මාර්තාද (11:38-44) ප්‍රීතියේ කඳුළු නොසළා සිටින්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ සෙනග නැවත ස්ථාපිත ලෝකයකට ගෙන එන විට “ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත. එලෙස ඔවුන් ගෙනෙන්නෙමි” (යෙරෙමියා 31:9) යනුවෙන් දෙවියන්වහන්සේ කියන සේක.
ප්‍රීතියේ කඳුළු අපගේ ජීවිතවල අර්ථය පෙන්වන්නේ නම් එන්නාවූ ශ්‍රේෂ්ඨ දිනය ගැන කල්පනා කර බලන්න. අපගේ මුහුණු දිගේ කඳුළු ගලා යද්දී ජීවිතයේ අර්ථය සැම විටම උන්වහන්සේ සමග සමීපව ජීවත් වීම බව අප දැන ගන්නවා ඇත.