දශක ගණනාවකට පෙර විශ්ව විද්‍යාල භාවනා රැස්වීමකදී සෑම කෙනාම පෞරුෂ පරීක්‍ෂණයක් ගැන කථා කළහ. එක් අයෙක් මම “ISTJ” යයි කීවේය. මම “ENFP” යයි තවත් කෙනෙක් මිමිණුවේය. මම ව්‍යාකූල වූයෙමි. මම “්ABCXYZ’” යයි විහිළු කළෙමි.

එතැන් සිට මම පෞරුෂ වර්ධනය (Myers-Briggs) සහ (DISC) විවිධ පෞරුෂ ඇගයීම් වැනි දේවල් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම ඒවායින් ප්‍රීතියක් ලබන්නේ ඒවායින් අපට අපවම සහ අන් අයව තේරුම් ගැනීමටද උපකාර කිරීමටද ක්‍රම එළිදරව් වන නිසාත් ශක්තීන් දුර්වලතා සහ කැමැත්ත යනාදිය ගැන අපට ආලෝකමත් විය හැකි නිසාත්ය. අපි ඒවා උවමනාවට වඩා යොදා නොගන්නේ නම් අපගේ වැඩීමට දෙවියන්වහන්සේ පාවිච්චි කරන ප්‍රයෝජනවත් මෙවලම් විය හැකිය.

දේව වචනය සෑම විටම අපට පෞරුෂ පරීක්‍ෂණ ඉදිරිපත් කරන්නේ නැත. නමුත් එය පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි එක් එක් පුද්ගලයාගේ ආවේණිකත්වය සහ උන්වහන්සේගේ රාජ්‍යයෙහි අන් අයට සේවය කරන පිණිස අප සෑම කෙනෙකුටම ආවේණික පෞරුෂත්වයක් සහ ආවේණික දීමනා වලින් දෙවියන්වහන්සේ අපව බලගන්වන බව ස්ථිර කරන බවයි (ගීතාවලිය 139:14-16; යෙරෙමියා 1:5 බලන්න). රෝම 12:6 හි පාවුල් මෙම කරුණ අපට පැහැදිළි කරයි. ඔහු කියන්නේ “අපට දෙන ලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා” අපට ලැබී ඇති බවයි.

මෙම දීමනා අපට තනිවම නොවන බවත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන දෙවියන්වහන්සේගේ සෙනගට සේවය කිරීමේ අරමුණින් බවත් පාවුල් පැහැදිළි කරයි. අප සියල්ලන් තුළද තුළින්ද ක්‍රියාත්මක වෙමින් පවතින ඒවා උන්වහන්සේගේ අනුග්‍රහයේ සහ යහපත්කමේ ප්‍රදර්ශනයක් වන්නේය. ඒවා අපව කැඳවන්නේ දෙවියන්වහන්සේගේ සේවයේ අසම සම භාජන වන පිණිසය.