ජෝයි තම ඥාතියෙක් වන සැන්ඩි ගැන කරදර වූවාය. වසර ගණනාවක් ඇය මත්පැන් සහ මානසික ගැටළු සමග පොර බැදුවාය. ජෝයි සැන්ඩිගේ මහල් නිවසට ගිය විට දොර වසා ඇති බවත් එහි කිසිවෙක් පෙනෙන්ට නොසිටී බවත් පෙනෙන්ට තිබුණි. ඇයත් අන් අයත් සැන්ඩිව සෙවීමට සැළසුම් කළ අතර ජෝයි යාච්ඤා කළාය. “දෙවියන්වහන්ස, නොපෙනෙන දේ දකින්න මට උදව් කළ මැනව”. ඔවුන් පිටත් වන විටදී ජෝයි නැවතත් සැන්ඩිගේ කාමරය දෙස බැලුවාය. දොර රෙද්ද යාන්තම් සෙළවෙනවා ජෝයි දුටුවාය. ඒ මොහොතේ සැන්ඩි ජීවත්ව සිටින බව ඇය දැන ගත්තාය. ඇය වෙත ළඟා වීමට හදිසි උපකාර අවශ්‍ය වූවත් යාච්ඤාවට ලැබුණු පිළිතුර ගැන ඇය සතුටු වූවාය.

උන්වහන්සේගේ සත්‍යතාවය පෙන්නුම් කරන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමේ බලය ගැන අනාගතවක්තෘ එලිෂා දැන සිටියේය. සිරියානු හමුදාව ඔවුන්ගේ නගරය වට කළ අවස්ථාවේ එලිෂාගේ සේවකයා බයෙන් වෙච්ලුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එසේ නොවීය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ පිහිටෙන් ඔහු නොදකින දෙය දුටුවේය. සේවකයාද ඒ දෙය දකින පිණිස එලිෂා යාච්ඤා කළේය. “ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පෑදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (2 රාජාවලිය 6:17).

දෙවියන්වහන්සේ එලිෂා සහ සේවකයා අතර තිබූ ආත්මික සහ භෞතික ලෝකවල දැල එසෙව් සේක. ජෝයි විශ්වාස කරන්නේ ඇයට බලාපොරොත්තුවක් ගෙන දෙමින් දොර රෙද්ද මද වශයෙන් සෙළවීම දකින්න දෙවියන්වහන්සේ සැළැස්සූ බවයි. අපගේ ප්‍රියයන් හෝ සමූහනයන් ගැන හෝ වේවා අප අවට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට අපට ආත්මික දර්ශනයක් ලබා දෙන ලෙසට අපටද උන්වහන්සේගෙන් ඉල්ලිය හැකිය. එසේම අපටද උන්වහන්සේගේ ප්‍රේමයේ සත්‍යයේ සහ දයාවේ නියෝජිතයන් විය හැකිය.