සියවසකට පෙර ඉතියෝපියාවෙන් දළ වශයෙන් සියයට 40 ක් පමණ ඝණ වනාන්තර වලින් පිරී තිබුණ නමුත් අද එය සියයට 4 කි. වාණිජ ශාඛ වෙනුවෙන් කැලෑ එළි කිරීමත් ගස් ආරක්‍ෂා නොකිරීමත් නිසා පාරිසරික ඛේදවාචකයකට දේශය යොමුවී තිබුණි. දැනට තිබෙන හරිත ඉඩම්වලින් බොහෝමයක් සභාවලින් ආරක්‍ෂා කරනු ලැබේ. සියවස් ගණනාවක්ම ඉතියෝපියානු ඕර්තොඩොක්ස් ටිවාහිඩෝ සභාවන් හිස් කාන්තාර මැද තිබෙන මෙම ක්‍ෂේමභූමි ආරක්‍ෂා කර ගෙන සිටිති. ඔබ අහසේ සිට ගත් ඡායාරූප දෙස බලන්නේ නම් දුඹුරු වැලි වලින් වටවූ හරිත දූපත් ඔබ දකිනවා ඇත. සභා නායකයන් අවධාරණය කරන්නේ ශාඛ රැක ගැනීම දෙවියන්වහන්සේගේ මැවිල්ලේ භාරකරුවන් ලෙස එය උන්වහන්සේට කීකරුවීමේ කොටසක් බවයි.

හිස් කාන්තාර සහ දරුණු නියඟයන්ගෙන් තර්ජන එල්ල වූ නිසරු භූමියක ජීවත් වූ ජනතාවක් වන ඉශ්‍රායෙල් වරුන්ට අනාගතවක්තෘ යෙසායා මෙසේ ලිවීය. දෙවියන්වහන්සේ අරමුණු කර ඇති අනාගතය ගැන යෙසායා විස්තර කළේ “කාන්තාරයද වියළි දේශයද ප්‍රීති වන්නේය. කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය” (යෙසායා 35:1) යනුවෙනි. දෙවියන්වහන්සේගේ අරමුණ වූයේ තම සෙනග සුව කිරීමය. එසේම පොළොවද සුව කිරීමය. උන්වහන්සේ “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” මවන සේක (65:17). දෙවියන්වහන්සේ අලුත් කරන ලෝකයේ “කාන්තාරය …. මල් දරන්නේය” (35:2).

ජනතාවද ඇතුළු මැවිල්ලට දෙවියන්වහන්සේ දක්වන සැළකිල්ල අපව පොළඹවන්නේ අපත් එයට සැළකිල්ල දැක්වීමටය. උන්වහන්සේ සාදා ඇති දේවල රැකවලුන් වී මුළු ලොව සුව කිරීමට උන්වහන්සේගේ පරම සැළැස්ම සමග එකඟත්වයෙන් ජීවත්වීමට අපට පුළුවන. සියලු වර්ගවල කාන්තාර ජීවනයෙන් සහ අලංකාරයෙන් පුබුදුවන්න දෙවියන්වහන්සේ සමග අපට එක්විය හැකිය.