අපි යෞවනියන්ව සිටියදී මාගේ මව යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමේ තීරණය වටහා ගැනීමට මටත් මගේ සහෝදරියටත් නොහැකි වූ නමුත් ඇය තුළින් අප වෙනසක් දුටු බව ප්‍රතික්‍ෂේප කිරීමටද නොහැකි වුනි. ඇයට වැඩි සමාදානයක් සහ ප්‍රීතියක් තිබූ අතර සභාවේද ඇය විශ්වාසයෙන් යුතුව සේවය කිරීම ආරම්භ කළාය. ඇයට බයිබලය ඉගෙනීමට විශාල පිපාසයක් තිබුණි. ඇය එයට සහභාගී වී උපාධියක්ද ලබා ගත්තාය. මගේ මවගේ තීරණයෙන් වසර කිහිපයකට පසුව මගේ සහොා්දරිය යේසුස්වහන්සේව පිළිගෙන උන්වහන්සේට සේවය කිරීමට පටන් ගත්තාය. ඉන් වසර කිහිපයකට පසුව මමද යේසුස්වහන්සේ කෙරෙහි මගේ විශ්වාසය තබමින් උන්වහන්සේට සේවය කිරීමට පටන් ගත්තෙමි. තවත් වසර ගණනාවකට පසුව මගේ පියාද උන්වහන්සේ කෙරෙහි අදහමින් අප හා එකතු වුනේය. ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනීමට මාගේ මව ගත් තීරණය අපගේ සමීප පවුලෙත් ව්‍යාප්ත පවුලෙත් ජීවිත වෙනස් කරන විශාල ප්‍රතිඵල ඇති කළේය.

අපෝස්තලු පාවුල් තම පළමු ලිපිය තිමෝතිට ලියන විට යේසුස්වහන්සේ කෙරෙහි වූ ඔහුගේ ඇදහිල්ල අල්ලා ගෙන සිටින ලෙසට ඔහුව දිරිමත් කළේ ඔහුගේ ආත්මික උරුමය ගැනද සඳහන් කරමිනි. “ඒ ඇදහිල්ල පළමු කොට නුඹේ ආච්චී වූ ලොයිස් තුළද නුඹේ මෑණියන් වූ එවුනිකි තුළද වාසාය කළාය. නුඹ තුළත් එය වාසය කරන බව විශ්වාස කර ගෙන සිටිමි” (2 තිමෝති 1:5).

අම්මා වරුනි, මිත්තණියනි, ඔබගේ තීරණයන් පරම්පරාවලට බලපෑ හැකිය.

දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබූ උන්වහන්සේගේ මනුෂ්‍යයෙක් වීමට ඔහුට හැකියාව ලබා දීම සඳහා ඔහුගේ මව සහ මිත්තණිය ඔහුගේ ඇදහිල්ලට උපකාර කිරීම කෙතරම් මනහරද`

මෙම මව්වරුන්ගේ දිනයේදී සහ අනිකුත් දිනවලත් යේසුස්වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළ මව්වරුන්ට ගරු කරමු. එසේම අපගේ ප්‍රියයන්ටත් ආත්මික උරුමයක් තබා යමු.