මිහිරි සුවඳැති චෙරි මල් දීප්තිමත් සුදු සහ රෝස මල්වලින් සෑම වසන්ත සමයකම ජපානය වසා ගන්නේ රට වැසියන්ගේ සහ සංචාරකයින්ගේ හැඟීම් එකසේ ප්‍රබෝධමත් කරමිනි. මල්වල කෙටි කාලීන ස්වභාවය නිසා ඒවා පවතින කාලය තුළ අලංකාරය සහ සුවඳ අත් විඳීමට ජපන් ජාතිකයන් මහත් ආශාවක් දක්වති. අත්දැකීමේ කාලයේ කෙටි බව එහි තියුණු කම තීව්ර කරයි. ඉක්මණින් වෙනස් වන මෙම උවමනාවෙන් ලබන ප්‍රීතියට ඔව්හූ “මොනෝ නෝ අවෙයා” යයි කියති.

මනුෂ්‍යයන් ලෙසට ප්‍රීතියේ හැඟීම දීර්ඝ කර ගැනීමට අප දක්වන කැමැත්ත තේරුම් ගත හැකිය. නමුත් ජීවිතයේ යථාර්ථය අසීරුතාවල ප්‍රහේලිකාවන් අර්ථවත් කරන්නේ ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ කාචය තුළින් වේදනාව සහ සතුට යන දෙකම දෙස බැලීමට හැකියාව අපි වර්ධනය කර ගත යුතු බවයි. අපි උවමනාවට වඩා සෘණාත්මක විය යුතු නැත. එසේම අපේ ජීවිතයන් යථාර්ථයෙන් තොර ප්‍රීතිමත් ජීවිත ලෙස හැඩ ගස්වා ගැනීමද යුතු නැත.

දේශනාකාරයා පොත අපට උපකාරී වන ආදර්ශයක් දෙයි. මෙම පොත සමහර විට සෘණාත්මක වගන්ති වල එකතුවක් ලෙස සමහර විට සිතුණත් “සියල්ලම නිෂ්ඵල කමයයි” (1:2) ලියූ සාලමොන් රජතුමාම ජීවිතයේ සරල දේ වලින් ප්‍රීතිය සොයා ගන්නා ලෙසට තම පාඨකයන් දිරිගන්වන්නේ “කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය” (8:15) යනුවෙන් පවසමිනි.

ප්‍රීතිය පැමිණෙන්නේ “ප්‍රඥාව දැනගන්ටත්” සහ අලංකාර කාලවලදී සහ අපහසු කාලවලදී යන දෙකෙහිම “දෙවියන්වහන්සේගේ මුළු වැඩය” දකින්ට ඉගෙන ගැනීමෙන්ද (16-17 පද) ස්වර්ගයෙන් මෙහා කිසි දෙයක් ස්ථිර නොවන බව දැන ගැනීමෙන්ද වන්නේය.