2022 ජූලි 12 වන දින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දූරදක්නයෙන් ගැඹුරුතම අභ්‍යාවකාශයෙන් පැමිණෙන රූප ලැබෙන තෙක් විද්‍යාඥයෝ බලා සිටියහ. නව තාක්‍ෂණික දූරදක්නයට මනුෂ්‍යයා අභ්‍යාවකාශය දෙස මෙතෙක් බලා තිබෙනවාට වඩා වැඩි දුරක් බැලිය හැකි වුනි. හදිසියේම රමණීය රූපකයක් මතු වුනි. ඒ කරීනා නෙබුලාහී කලින් නොදුටූ වර්ණ අභ්‍යාවකාශ පසුතලයකි. ප්‍රසිද්ධ අදේවදෘෂ්ටික කාර්ල් සේගන්ව උපුටා දක්වමින් වෙනත් නාසා විද්‍යාඥයෙක් පැවසුවේ “කොහේ හෝ විශ්වාස කළ නොහැකි දෙයක් බලා සිටින්නේය” කියාය.

සමහර විට ජනතාවට දෙවියන්වහන්සේව ඇස ගැටුණත් උන්වහන්සේව නොදකිති. නමුත් ගීතිකාකරු වන දාවිත් අහස දෙස බලා ඔහු දකින්නේ කුමක්දැයි හරියටම දැන ගත්තේය. “ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූ සේක” (ගීතාවලිය 8:1). “කොහේ හෝ විශ්වාස කළ නොහැකි දෙයක් බලා සිටින්නේය” කියා සේගන් කිවු දෙය නිවැරදිය. නමුත් දාවිත් පැහැදිළිව තේරුම් ගත් දෙය පිළිගැනීමට ඔහු අපොහොසත් විය. “ස්වකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස් තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනා කරන කල ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද?” (3-4 පද).

අපි ඉහළ අභ්‍යාවකාශයේ රූපක දකින විට විශ්මිත වන්නේ බොහෝ සෙයින් තාක්‍ෂණය නිසා නොවේ. නමුත් අපි දෙවියන්වහන්සේගේ යහපත් අත් වැඩ දකින නිසාය. අපි මැවිල්ලේ විශාලත්වය නිසා පුදුමයට පත්වන්නේ දෙවියන්වහන්සේ අපව “(උන්වහන්සේගේ) හස්තකර්ම කෙරෙහි … අධිපති කළ සේක” (6 පදය) නිසාවෙනි. එසේය. විශ්වාස කිරීමට නොහැකි දෙයක් එනම් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැවත පැමිණෙන විට යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් උන්වහන්සේ වෙතට ගෙන ඒමට බලා සිටින සේක. වඩාත් විශ්මිත රූපකය එය වනු ඇත.