2020 දී කොරෝනා වෛරසය පැතිරීම පටන් ගත් කාලයේදීම මගේ මිතුරිය වූ ජොඇනා අංශභාග රෝගය වැළඳී මිය ගියාය. පළමුවෙන් ඇගේ පවුලේ අය දැන්වූයේ ඇගේ සිහිකිරීමේ මෙහෙය සභා ගොඩනැගිල්ලේ පවත්වන බවය. නමුත් සහභාගී වන සෙනග පාලනය කිරීම සඳහා පසුව මල් ශාලාවක පැවැත්වීමට තීරණය කරන ලදී. මාර්ගගත අලුත් දැන්වීමෙන් කියැවුනේ “ජොඈන් වොර්නර්ස් – ස්ථානය වෙනස් විය” කියාය.

එසේය. ඇයගේ ස්ථානය වෙනස් වූයේය. ඇය පෘථිවියේ සිටි ස්ථානයෙන් ස්වර්ගයේ ස්ථානයට ගොස් තිබුණි. දෙවියන්වහන්සේ වසර ගණනාවකට පෙර ඇගේ ජීවිතය වෙනස් කර තිබුණි. වසර පනහක පමණ කාලයක් ඇය ඉතා ප්‍රේමයෙන් උන්වහන්සේට සේවය කළාය. ඇය මරණාසන්නව රෝහලේ සිටියදී පවා පොරබදන ඇගේ අනිකුත් ප්‍රේමණියයන් ගැන විමසුවාය. දැන් ඇය උන්වහන්සේ සමග සිටින්නීය. ඇය ස්ථානය වෙනස් කර ඇත.

අපෝස්තලු පාවුල්ටද වෙනත් ස්ථානයක ක්‍රිස්තුස්වහන්සේ සමග සිටීමට ආශාවක් තිබුණි (2 කොරින්ති 5:8). නමුත් ඔහු පෘථිවියේ සිටීම ඔහු සේවය කළ ජනතාවට වඩාත් හොඳ බව ඔහුට හැඟුණි. ඔහු පිලිප්පිවරුන්ට ලීවේ “නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකර තිබේ” (පිලිප්පි 1:24) කියාය. ජොඈන් වැනි අයෙක් ගැන අප දුක් වන විට ඒ හා සමාන දෙයක් අපි දෙවියන්වහන්සේට මොර ගසන්නෙමු. මටද ඔවුන් ප්‍රේම කළ හා සේවය කළ අයටද ඔවුන්ව අවශ්‍ය වේ. නමුත් ඔවුන්ගේ මෙන්ම අපේම ස්ථානය වෙනස් කිරීමට සුදුසුම වේලාව දෙවියන්වහන්සේ දන්නා සේක.

ආත්මයාණන්ගේ ශක්තියෙන් උන්වහන්සේව මුහුණට මුහුණ දකින තුරු “උන්වහන්සේට ප්‍රසන්න වූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කර” (2 කොරින්ති 5:9) ගැනීමට දැන් අපි දන්නෙමු. මක්නිසාදයත් එය වඩාත් යහපත් වන බැවිනි.