රොකී චිත්‍රපට මාලාව පවසන්නේ කිසිසේත් අත්නාරින ධෛර්යයකින් බලගැන්වී සිටි නොකළ හැකි දේවල් කර අධිබර පංතියේ වීරයෙක් වූ තරුණ බොක්සිං ක්‍රීඩකයෙක් ගැනය. රොකී තුනෙහි දැනට සාර්ථක රොකී තම ජයග්‍රහණ වලින් උද්ධාමයට පත්වන්නේය. රූපවාහිනී දැන්වීම් ඔහුගේ පුහුණු වීම් කාලය අඩු කළේය. වීරයා දුර්වල වී ප්‍රතිවාදියෙකු අතින් පරාජයට පත් වන්නේය. චිත්‍රපටියේ ඉතිරි කොටසින් දැක්වෙන්නේ ඔහු නැවත තම සටන් ක්‍රමය තියුණු කර ගැනීමට කරන උත්සාහයයි.

ආත්මිකව බලන කල යූදාහී ආසා රජුට ඔහුගේ සටන් කිරීමේ තියුණුව නැති වූයේය. ඔහුගේ රාජ්‍යයේ මුල් කාලයේදී ඔහු අසිරු දේවලට මුහුණ දෙන විට දෙවියන්වහන්සේ මත යැපුණි. කුෂියන් ඔහුට පහර දීමට උත්සාහ කරන විට “අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිට වුව මැනව. මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව” (2 ලේකම් 14:11) කියා ආසා යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දුන් අතර යූදා තම සතුරන්ට පහර දී ඔවුන් විසුරුවා හැරියහ (12-15 පද).

වසර ගණනාවකට පසුව යූදාට නැවත තර්ජනයක් පැමිණියේය. මෙම අවස්ථාවේදී ආසා දෙවියන්වහන්සේව ගණන් නොගෙන ආරම් රජුගේ උපකාරය පැතුවේය (16:2-3). එය සාර්ථක වන බව පෙනී ගියේය. නමුත් දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූ සේක. හනානි නම් ප්‍රොපේතවරයා පැවසුවේ ආසා දෙවියන්වහන්සේව විශ්වාස කිරීම නවතා ඇති බවයි (7-8 පද). එදා මෙන් අද ඔහු දෙවියන්වහන්සේ මත යැපුණේ නැත්තේ මන්ද?

“ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවන පිණිස උන්වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය” (9 පදය). අපි දෙවියන්වහන්සේ කෙරෙහි මුළුමණින්ම යැපෙමින් අපගේ ආත්මික තියුණු බව පවත්වා ගනිද්දී අපි උන්වහන්සේගේ බලය අත්දකින්නෙමු.