බයිබල් අධ්‍යයන කණ්ඩායමේ සිටි පිරිමින් සියල්ලෝම වයස අසූවට ළංව සිටි අතර මම පුදුම වූයේ ඔවුන් කාම ආශාවන් සමග අරගල කරන බව දැන ගැනීමෙනි. ඔවුන්ගේ තරුණ කාලයේදී ආරම්භ වූ මෙම පොර බැදීම් තවමත් ඔවුන් තුළ වූහ. සෑම දිනකම මෙම ක්‍ෂේත්‍රයේදී යේසුස්වහන්සේව අනුගමනය කරන්න ඔවුහු පොරොන්දු වී ඔවුන් අසමත් වූ අවස්ථාවන් ගැන සමාව ඉල්ලා සිටියහ.

භක්තිවන්ත මිනිසුන් වියපත් වූ විටත් මුල් පරීක්‍ෂා සමග පොර බදන බව ඇසීම අපව මවිත කළත් ඔවුන් එසේ නොවිය යුතුව තිබුණි. රූපයක් යනු අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ තැන ගැනීමට තර්ජනය කරන්නාවූ ඕනෑම දෙයක් විය හැකිය. ඒවා නැතිවී ඇතැයි අප සිතුවත් බොහෝ කලකට පසුව ඒවා නැවත මතු විය හැකිය.

යාකොබ් ඔහුගේ මාමා වන ලාබාන්ගෙන් සහ සහෝදරයා වන ඒසව් ගෙන් බේරුණු බව බයිබලයේ දැක්වේ. දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට සහ ඔහු ලද බොහෝ ආශිර්වාද සැමරීමට ඔහු බෙතෙල්ට පැමිණෙමින් සිටියේය. එසේ වූවත් ඔහුගේ පවුලේ අය තවමත් විදේශීය දෙවිවරු තබා ගෙන සිටි අතර යාකොබ්ට ඒවා වළ දැමීමට සිදු විය (උත්පත්ති 35:2-4). යෝෂුවා පොතෙහි අවසානයේදී ඉශ්‍රායෙල්වරු සියලු සතුරන් පරාජය කර කානාන් හී පදිංචිව සිටිද්දී පවා “නුඹලා අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේට නුඹලාගේ සිත් යොමු කරපල්ලා” යනුවෙන් ඉල්ලා සිටීමට යෝෂුවාට සිදු විය (යෝෂුවා 24:23). එසේම දාවිත්ගේ භාර්යාව වූ මීඛල්ද රූප තබා ගෙන සිටි බව පෙනෙන්නේ ඔහුව මැරීමට පැමිණි සොල්දාදුවන් රැවටීමට ඇය ඉන් එකක් භාවිතා කළ හෙයිනි (1 සාමුවෙල් 19:11-16).

අප සිතනවාට වඩා රූප බහුලය. එසේම අප සුදුසු වනවාට වඩා දෙවියන්වහන්සේ ඉවසිලිවන්තය. ඒවා වෙත හැරීමට පරීක්‍ෂාවන් පැමිණෙනවා ඇත. නමුත් දෙවියන්වහන්සේගේ සමාව ඊට වඩා ශ්‍රේෂ්ඨය. අපගේ පාප වලින් හැරී උන්වහන්සේ තුළ සමාව සොයමින් අපි යේසුස්වහන්සේ වෙනුවෙන් වෙන් වෙමු.