1912 දී ටයිටැනික් නැව අයිස් කන්දක හැපුණු විට ජෝන් හාපර් සභා පාලකවරයා තම හය හැවිරිදි දියණියට ජීවිතාරක්‍ෂක බෝට්ටුවක ස්ථානයක් ලබා දුන්නේය. ඔහු තම ජීවිතාරක්‍ෂක කබාය හවුල් මගියෙකුට ලබා දුන් අතර අසා සිටි ඕනෑම කෙනෙක් සමග ශුභාරංචිය බෙදා ගත්තේය. නැව ගිලිී යද්දී සිය ගණනක් සෙනග අවිනිශ්චිත ගැළවීමක් බලාපොරොත්තුවෙන් සිටින විට හාපර් එකිනෙකා වෙත පිහිනා ගොස් “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගනින්න. එවිට නුඹ ගැළවෙන්නෙහිය” (ක්‍රියා 16:31) කියා පැවසුවේය.

කැනඩාවේ ඔන්ටේරියෝහී පැවතී ටයිටැනික් නැවෙන් ගැළවුනු අය සඳහා වූ රැස්වීමකදී එක් මනුෂ්‍යයෙක් ප්‍රකාශ කළේ තමා “ජෝන් හාපර්ගේ යේසුස්වහන්සේ පිළිගත් අවසන් අය” බවය. හාපර්ගේ පළමු ආරාධනාව ප්‍රතික්‍ෂේප කළ ඔහු දේශකයා නැවත ආරාධනා කළ විට ක්‍රිස්තුස්වහන්සේව ලබා ගත්තේය. ඌෂ්ණත්වය අඩු වීමෙන් සීතල ජලයේ ගිලී යාමට පෙර හාපර් තම අවසන් අවස්ථාවද යේසුස්වහන්සේව බෙදා ගැනීමට කැප කළ ආකාරය ඔහු බලා සිටියේය.

ඔහු තිමෝතිට දුන් ආඥාවේදී අපෝස්තලු පාවුල් ඔහුව දිරිගන්වන්නේ පරාර්ථකාමී ඉවැන්ජලිස්ත සේවයක් සඳහා එවැනිම හදිසියකට සහ කැපවීමකටය. දෙවියන්වහන්සේගේ අඛණ්ඩ අභිමුඛය සහ අනිවාර්ය නැවත පැමිණිම සහතික කරමින් ඉවසිලිවන්ත කමෙන් සහ නිවැරදිව දේශනා කරන ලෙසට පාවුල් තිමෝතිට ආඥා කරන්නේය (2 තිමෝති 4:1-2). සමහරුන් යේසුස්වහන්සේව ප්‍රතික්‍ෂේප කළ හැකි නමුත් අවධානයෙන් සිටින ලෙසට අපෝස්තලු වරයා තරුණ දේශකයාට සිහිපත් කර දෙන්නේය (3-5 පද).

අපගේ දවස් සීමිතය. එම නිසා සෑම මොහොතක්ම වටින්නේය. “යේසුස්වහන්සේ ගළවන සේක” කියා අපි ප්‍රකාශ කරන විට අපට ස්ථිර විය හැක්කේ පියාණන්වහන්සේ ස්වර්ගයේ ස්ථානයක් අපට ආරක්‍ෂා කර තබා ඇති බැවිනි.