අයර්ලන්ත කවියෙක් වූ ඩබ්. බී. ඊට්ස් කියා සිටියේ තමාව පැතලි මුදුනක් සහිතවූ “බෙන් බල්බෙන්” නැමැති කන්දේ වළ දමන ලෙසය. මෙය ඔහුගේ අවසන් කවියේ මාතෘකාවද විය. ඔහුගේ කවියේ අවසන් පදය වන
“ජීවිතය සහ මරණය ගණන් නොගන්න. අශ්වාරෝහකයෙනි, පසුකර යන්න” යනුවෙන් ඔහුගේ සොහොනෙහි කොටා තිබුණි.

එහි අර්ථය කුමක්ද යන්න ගැන බොහෝ මත ඇති වී තිබේ. සමහර විට එය ජීවිතය සහ මරණය ගැන කවියාගේ පිළිගැනීම විය හැකිය. කෙසේ වෙතත් ඊට්ස්ගේ ආශාව වන ඔහු වළ දැමිය යුත්තේ කොතැනද සහ ඔහුගේ සොහොන් කොතේ සඳහන් විය යුත්තේ කුමක්ද යන්න ඉෂ්ට විය. නමුත් සැබෑ සත්‍යය වන්නේ අපගේ නික්මයාම ගැන සැළකිල්ලක් නොමැතිවම අපගේ ජීවිතය ගළා ගෙන යන බවය.

යූදා ඉතිහාසයේ අසීරු කාලයකදී ෂෙබ්නා නැමැති මාළිගා කළමණාකාරවරයෙක් තම මරණයට පසුව උරුමයක් ස්ථිර කර ගැනීමට තමාටම සොහොනක් තනා ගත්තේය. නමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනාගත වක්තෘ යෙසායා තුළින් පැවසුවේ “නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටා ගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස් තැනක තමාට සොහොනක් කොටා ගන්නේය. පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපා ගන්නේය” (යෙසායා 22:16) යනුවෙනි. අනාගත වක්තෘ කියා සිටියේ “(ස්වාමින්වහන්සේ) නුඹ අකුළා ගුලියක් කර විශාල දේශයකට පන්දුවක් මෙන් සැබවින්ම නුඹ වීසිකර දමන සේක. එහිදී නුඹ නසින්නෙහිය” (18 පදය) යනුවෙනි.

ෂෙබ්නාට ඉලක්කය මග හැරුණි. අවශ්‍ය වන්නේ අපව වළ දමන තැන නොවේ; අවශ්‍ය වන්නේ අප සේවය කරන්නේ කාටද යන්නය. යේසුස්වහන්සේට සේවය කරන්නන්ට මිණිය නොහැකි මෙම සහනය තිබේ : “ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය..” (එළිදරව් 14:13). අප සේවය කරන දෙවියන්වහන්සේ අපගේ නික්මයාම කිසිදා ගණන් නොගෙන නොසිටින සේක. උන්වහන්සේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිට අපව නිවසට පිළිගන්නා සේක.