මොළය ක්‍රියාත්මක වන ආකාරය ගැන තේරුම් ගැනීම මහත් ප්‍රගතියක් ලබා ඇති බව ස්නායු පිළිබඳ විද්‍යාව කියා සිටියත් ඔවුන් තවමත් එය තේරුම් ගැනීමේ මුල් අවදියේ සිටින බව පිළිගන්නෝය. මොළයේ නිර්මාණය, එහි ක්‍රියාකාරිත්වයේ සමහර අංශ, පරිසරයට ප්‍රතිචාර දක්වන කොටස්, අපගේ ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන ආකාරය, ක්‍රියාවන් ඉස්මතු කිරීම සහ හැඟීම් පවත්වා ගෙන යන ආකාරය ගැන ඔවුහු තේරුම් ගෙන තිබුණි. නමුත් ඔවුන්ට තවමත් සොයා ගැනීමට නොහැකි වූයේ මෙම ක්‍රියාවන් හැසිරවීමද ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමද මතකයේ තබා ගැනීමද ක්‍රියා කරන්නේ කෙසේද කියාය. දෙවියන්වහන්සේගේ සිතා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ වූ විශ්මිත නිර්මාණය වන මනුෂ්‍යයා තවමත් අභිරහසකි.

දාවිත් මිනිස් සිරුරේ විශ්මිතයන් පිළිගන්නේය. රූපක භාෂාව යොදා ගනිමින් “මව් කුසෙහි මා වැසූ සේක” (ගීතාවලිය 139:3) යනුවෙන් දැක්වෙන ක්‍රියාවලියෙහි සම්පූර්ණ පාලනය ගැන සාක්‍ෂි දරමින් ඔහු දෙවියන්වහන්සේගේ බලය සමරන්නේය. ඔහු මෙසේ ලිවීය : “මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය” (14 පදය). පැරැන්ණන් මවගේ කුසෙහි දරුවෙක් වර්ධනය වීම විශාල අභිරහසක් ලෙස සැළකූහ (දේශනාකාරයා 11:5). මිනිස් සිරුරේ විශ්මිත සංකීර්ණත්වය ගැන සීමිත දැනුමක් තිබුණද දාවිත් දෙවියන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියාව සහ අභිමුඛය ගැන මවිතයෙන් බලා සිටියේය (ගීතාවලිය 139:17-18).

මිනිස් සිරුරේ මවිත වන සුළු මනහර සංකීර්ණත්වය පරාවර්තනය කරන්නේ අපගේ ශ්‍රෙෂ්ඨ දෙවියන්වහන්සේගේ ස්වෛරීභාවයය. අපගේ එකම ප්‍රතිචාරය විය හැක්කේ ප්‍රශංසාව, පුදුමය සහ විශ්මයයි.