පෙනිසිල්වේනියාවේ මාර්ස් කැන්ඩි කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙක් විශාල චොක්ලට් භාජනයකට වැටුණෝය. මෙය විහිළුවක ආරම්භයක් විය හැකි යයි සිතිය හැකිය. සමහර විට චොක්ලට් වලට ආසා කරන අයට ආදරණීය සතුටක් විය හැකිය. නමුත් ඒ මිනිසුන්.. ඔවුන්ට කිසිදු තුවාලයක් සිදු නොවූවත් ඉණ දක්වා චොක්ලට් වල එරී ඔවුන්ගේ උත්සාහයෙන් ගොඩට ඒමට අපොහොසත්ව සිටියහ. ඔවුන්ව ආරක්‍ෂිතව බේරා ගැනීමට ගිනි නිවන හමුදාවට භාජනයේ සිදුරක් කපන්න සිදු විය.

අනාගතවක්තෘ යෙරෙමියා මඩ වලින් පිරුණු ළිඳක පතුලේ සිටින විට කථාව ඒ තරම් මිහිරි නොවුනි. යෙරුසලමේ දෙවියන්වහන්සේගේ සෙනගගේ පණිවුඩකරුවෙක් වශයෙන් ඔහු ඉක්මණින් නගරය හැර යාමේ අවශ්‍යතාවය ගැන ඔවුන්ට ප්‍රකාශ කළේය. මක්නිසාදයත් “මේ නුවර බබිලෝනියේ රජුගේ සේනාව අතට අසුවී” (යෙරෙමියා 38:3) ඔවූහු ඒක අල්ලා ගන්නා නිසාවෙනි. සෙදකියා රජුගේ සමහර නිලධාරීන් ඔහුව “මරණයට පත් කෙරේවා” යයි කියා සිටියහ. මක්නිසාදයත් “ඔහුගේ වචන යුද්ධකාරයන්ගේ අත් …… බෙලහීන” (4 පදය) කරන නිසාය. රජු කැමැත්ත දුන් අතර ඔවූහු යෙරෙමියාව මඩ වළකට “ලණු වලින් බැස්සෙවුවෝය” (6 පදය). ඔහු “මඩේ එරුණේය” (6 පදය). තවත් රජුගේ නිලධාරියෙක් වන විදේශිකයෙක් යෙරෙමියාගේ ආරක්‍ෂාව ගැන සිතා “ඔවුන් කළ සියල්ල නපුරුය” කියා පැවසුවේය. සෙදකියා තමා කළ වරද තේරුම් ගෙන එබෙද් මෙලෙක්ට අණ කර සිටියේ “ඔහුව වළෙන් ගොඩට ගනින්න” (9-10 පද) කියාය.

යෙරෙමියා මෙන් අපිත් හරි දෙය කරන විටදී පවා අප මඩ තුළ හිරවී සිටින්නාක් මෙන් අපට දැනෙනු ඇත. අප මුහුණ දෙන ප්‍රශ්න වලදී උන්වහන්සේගේ උපකාරය සඳහා අපි බලා සිටින අතර අපගේ ආත්මය ඔසවන්න යයි අපි උන්වහන්සේට කියමු.