1800 ගණන් වල මුල් අවධියේදී එලිසබෙත් ෆ්‍රයි ලන්ඩන් නුවර කාන්තා සිරගෙයක් දැක මවිත වූවාය. කාන්තාවන් සහ දරුවන් එක ගොඩේ සිටි අතර සීතල ගල් පොළොව මත නිදා ගැනීමට ඔවුන්ට සළස්වා තිබුණි. ඔවුන්ට ඇඳ ඇතිරිලි නොවූවත් ජින් වැගිරෙන පයිප්යක් විවෘතව තිබුණි. ඇය වසර ගණනාවක් සිරගෙට යමින් ඇඳුම් සැපයීමෙන්ද පාසැලක් විවෘත කිරීමෙන්ද බයිබලය ඉගැන්වීමෙන්ද එහි වෙනසක් ඇති කළාය. නමුත් බොහෝ අය ඇගේ විශාලතම බලපෑම ලෙස දුටුවේ ඇගේ ආදරණීය අභිමුඛය සහ බලාපොරොත්තුව ගැන වූ පැහැදිළි පණිවුඩයන්ය.

ඇගේ ක්‍රියාවන් තුළින් අවශ්‍යතාවයන්ගෙන් යුත් අයට සේවය කිරීමේ යේසුස්වහන්සේගේ කැඳවීම ඇය අනුගමනය කළාය. නිදසුනක් ලෙස ඔලීව කන්දේ සිටින විට “ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝය” (මතෙව් 25:46) යන්නද ඇතුළත්ව ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ අවසානය ගැන කියා ඇති කථා කිහිපයක් බෙදා ගත්තාය. මේ කථාවේදී රජ ධර්මිෂ්ඨ සෙනගට පවසන්නේ ඔවුන් උන්වහන්සේට බීමට යමක් දුන් බවත් උන්වහන්සේට ඇතුලට එන ලෙසට ආරාධනා කළ බවත් හිර ගෙදරදී උන්වහන්සේව බැලීමට පැමිණි බවත්ය (35-36 පද). ඔවුන්ට එසේ කළ බව මතක් කර ගැනීමට අපහසු වූ විට රජු ප්‍රතිචාර දැක්වූයේ “…මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද එක කළේ මටය” (40 පදය) යනුවෙනි.

ශුද්ධාත්මයාණන්ගේ උපකාරය තුළින් අප අන් අයට සේවය කරන විට අප සේවය කරන්නේ යේසුස්වහන්සේටය යන්න කෙතරම් මනහරද! අපට එලිසබෙත් ෆ්‍රයිගේ උදාහරණය අනුගමනය කළ හැකිය. මැදහත් යාච්ඤා හෝ දිරිමත් වන පණිවුඩ යැවීමෙන් හෝ අපට නිවසේ සිට සේවය කළ හැකිය. අන් අයට සේවය කිරීම සඳහා අපි අපගේ ආත්මික දීමනා සහ තලෙන්ත පාවිච්චි කරන අතර උන්වහන්සේට ප්‍රේම කරන ලෙසද යේසුස්වහන්සේ අපට ආරාධනා කරන සේක.