ආහාර නාස්තිය වැළැක්වීමට සිංගප්පූරුවේ සුපිරි වෙළඳ ශාලා ජාලයක් සුලුවෙන් පලුදු වූ පලතුරු සහ එළවළු අඩු මිළකට විකුණයි. මෙම පියවර නිසා එක් වසරකදී නිෂ්පාදනයෙන් ටොන් 850 ක් (කි.ග්‍රෑ.771,000) රැකුණු අතර කලින් ඒවා සෞන්දර්ය මට්ටමට නැත කියා වීසි කරනු ලැබුණි. පාරිභෝගිකයන් ඉක්මණින් ඉගෙන ගත්තේ පිටස්තර පෙනීම කැළැල් සහ ප්‍රසන්න නැති හැඩ තල ඇතුළත රසයට සහ පෝෂණ ගුණයට බලනොපාන බවයි. පිටත ඇති දෙය සෑම විටම ඇතුළත ඇති දෙයට බලපාන්නේ නැත.

සාමුවෙල් අනාගතවක්තෘද එවැනි පාඩමක් ඉගෙන ගත්තේ ඉශ්‍රායලයේ ඊළඟ රජු ආලේප කිරීම සඳහා දෙවියන්වහන්සේ ඔහුව යැවූ විටය (1 සාමුවෙල් 16:1). යෙස්සේගේ කුළුඳුල් පුත්‍රයා වන එලියාබ් දුටු කල තෝරා ගත් තැනැත්තා ඔහු යයි සාමුවෙල් සිතුවේය. නමුත් “ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න… මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලන සේකැයි දෙවියන්වහන්සේ කී සේක” (7 වන පදය). යෙස්සේගේ පුත්‍රයන් අට දෙනා අතරින් ඊලඟ රජු වීම සඳහා දෙවියන්වහන්සේ තෝරා ගත්තේ තම පියාගේ බැටළුවන් බලා ගත් බාල පුතා වන දාවිත්ය (11 පදය).

දෙවියන්වහන්සේ වඩාත් සැළකිලිමත් වන්නේ අපගේ හදවත ගැන මිස අපගේ පිටස්තර සුදුසුකම් එනම් අප යන පාසැල, අප උපයන ගණන හෝ අප ස්වෙච්ඡාවෙන් ක්‍රියා කරන ප්‍රමාණය ගැන නොවේ. යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූයේ ආත්මාර්ථකාමී නපුරු සිතුවිලි වලින් යුත් ඔවුන්ගේ හදවත් පිරිසිදු කර ගන්නා පිණිසයි. මක්නිසාදයත් “මනුෂ්‍යයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය” (මාර්ක් 7:20) වන හෙයිනි. පිටාතර පෙනුම නොසැළකීමට සාමුවෙල් ඉගෙන ගත්තාක් මෙන් අපිත් අප කරන සෑම දෙයකදීම දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව අපගේ හදවත්ද අපගේ සිතුවිලි සහ අරමුණුද විමසා බලමු.