අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

සින්ඩි හෙස් කැස්පර් විසින් රචිත ලිපි

යාච්ඤාවේ මනුෂ්‍යයා

දැඩි විශ්වාසයක් සහ යාච්ඤාවෙන් පිරුණු මනුෂ්‍යයෙක් ලෙස මගේ සීයා වන ඩයර්කින්ව මගේ පවුලේ අය සිහිපත් කරයි. නුමුත් එය සෑම විටම එසේ නොවීය.“අපි කෑමට පෙර දෙවියන්වහන්සේට ස්තුති කරන්න පටන් ගනිමු” යනුවෙන් ඇගේ පියා පවුලට ප්‍රකාශ කළ පළමු අවස්ථාව මගේ නැන්දා සිහිපත් කළාය. ඔහුගේ පළමු යාච්ඤාව ව්‍යක්ත එකක් නොවූවත් වසර පනහක් පුරාම සෑම දිනකම යාච්ඤා කිරීමේ පුරුද්ද නොකඩවාම කර ගෙන ගියේය. ඔහු…

දෙවියන්වහන්සේ ඔබේ කථාව දන්නා සේක

මගේ හොඳම මිතුරිය සමග දිවා ආහාරයෙන් පසුව මම නිවසට යන විට ඇය වෙනුවෙන් දෙවියන් වහන්සේට හඬ නගා ස්තුති කළෙමි. ඇය මා ගැන දන්නීය. මා ගැන මම ආදරය නොකරන දේ තිබියදීත් ඇය මට ප්‍රේම කරන්නීය. මාගේ අසාමාන්‍ය ගති පැවතුම්, පුරුදු සහ වරදින තැන් තිබුණද ඇය මාව ඒ ආකාරයෙන්ම පිළිගන්නා කුඩා කණ්ඩායමේ කෙනෙකි. ඇය සහ මම ප්‍රේම කරන අනෙක් අයද සමග බෙදා…

දෙවියන්වහන්සේ සපයන ප්‍රීතිය

ප්‍රසිද්ධ ස්ථානවල සිටින විට නිතරම අන් අය හා සිනහසීමට මාෂියා උත්සාහ කරන්නීය. මිත්‍රශීලි මුහුණක් දැකීමට අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟාවීමට එය ඇයගේ ක්‍රමය වන්නේය. බොහෝ විට ඇයට අව්‍යාජ සිනහවක් ලැබේ. නමුත් මාෂියාට මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්්‍යය කර තිබූ කාලයක මනුෂ්‍යයන්ට තවදුරටත් ඇගේ මුඛය නොපෙනෙන බවත් එම නිසා ඇගේ සිනහව කිසිවෙකුට නොපෙනෙන බවත් ඇය තේරුම් ගත්තාය. එය කණගාටුදායකයි. ඇය සිතුවාය. නමුත් මම…

සැළසුම් තිබේද?

වයස අවුරුදු දහ අටකට ආසන්න තරුණයෙකු වන කාඩන්, අධ්‍යයන ශිෂ්‍යත්වයක් මත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු පාසැලේදී උසස් පෙළ පංතියේ ක්‍රිස්තියානි සේවයක් සමග සම්බන්ධව සිටි අතර නව පරිසරය තුළද එවැනිම සේවයක් සමග එකතු වීමට බලාපොරොත්තු විය. ඔහු තම අර්ධ කාලීන රැකියාවෙන් මුදල් ඉතිරි කර ගෙන තිබූ අතර නව රැකියාවක් සඳහා විශිෂ්ඨ නායකත්වයක් ලබා තිබුණි. ඔහු ඉතා ඉහළ ඉලක්ක…

දුරස්ථ සහ ළංවූ කාලයන් තුළදී

1986 ජනවාරි 28 වන දින චැලෙන්ජර් නමැති එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලය ගුවන් ගත වී තත්පර හැත්තෑ තුනකින් කැඩී ගියේය. ජාතිය සනසන කථාවකදී ජනාධිපති රේගන් “හයි ෆලයිට්” කාව්‍යයෙන් උපුටා දක්වමින් දෙවන ලෝක සංග්‍රාමයේ නියමුවෙකු වූ ජෝන් ගිලෙස්පී මාගී “අවකාශයේ ඉහළ නොවිසඳුණු පාරිශුද්ධභාවය” සහ “දෙවියන්වහන්සේගේ මුහුණ” ස්පර්ශ කිරීමට ඔහුගේ අත දිගු කිරීමේ සංවේදීතාවය ගැන කීයූ කථාව උපුටා දැක්වූයේය.

අපට දෙවියන්වහන්සේගේ මුහුණ ඇත්තෙන්ම…

ප්‍රේමණීය අවවාදය

වසර 50කට වැඩි කාලයක් තිස්සේ මාගේ පියා ඔහුගේ සංස්කරණයේ විශ්ෂිඨත්‍වය සඳහා උත්සාහ කළේය. ඔහුගේ අභිලාෂය වූයේ වැරදි සෙවීම පමණක් නොව, පැහැදිලිකම, තර්කනය, ප්‍රවාහය සහ ව්‍යාකරන අනුව පිටපත වඩාත් උසස් කිරීමයි. ඔහුගේ නිවැරදි කිරීම් සඳහා තාත්තා රතු පාටට වඩා කොළ පෑනක් භාවිතා කළේය. කොළ පෑනක් “මිත්‍රශීලී” යැයි ඔහුට හැඟුනු අතර රතු පෑනකින් නිවැරදි කිරීම නවකයෙකුට හෝ අඩු විශ්වාසයකින් යුත් ලේඛකයෙකුට අමිහිරි…

ඇදහිල්ලේ ආයෝජන

ඔහුගේ දොළොස්වන නත්තලේදී මෙම දරුවා ගස යට තිබූ තෑගි විවෘත කිරීමට මහත් උනන්දුවෙන් බලා සිටියේය. ඔහු අලුත් බයිසිකලයක් බලාපොරොත්තුවෙන් සිටියද ඔහුගේ බලාපොරොත්තු සුන් විය. ඔහුට ලැබුණු අවසන් තෑග්ග ශබ්දකෝෂයකි. පළමු පිටුවේ ඔහු කියවුයේ “1958 දී අම්මා සහ තාත්තා වෙතින් චාර්ල්ස් වෙත. පාසැලේදී ඔබ ඉතා හොඳට වැඩ කරයි කියා ඉහළ බලාපොරොත්තුවක් ඇතුව සහ ආදරයෙන් මෙය ලබා දෙන්නෙමු” යනුවෙනි.

ඊළඟ දශක තුළ…

කුඩා මාළුවා

වසර ගණනාවක් පුරා, බටහිර අප්‍රිකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය යුවළක් තම නගරයේ මිනිසෙකු සමඟ ශක්තිමත් මිත්‍රත්‍වයක් ගොඩනඟාගත් අතර, බොහෝ විට ඔහු සමඟ යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ ගැළවීමේ කථාව බෙදාගත්තේය. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල “වඩා විශාල සත්‍යය” බව ඔහු වටහාගෙන සිටියද, ඔවුන්ගේ මිතුරා ජීවිතකාලයම පක්‍ෂපාතිවූ වෙනත් ආගමක් අත්හරින්නට පසුබට වුණේය. ඔහු එම ආගමික සමාජයේ නායකයෙකු වූ නිසාත්, ඔහුට මෙයින් ලැබුණු වැටුප මත යැපෙන නිසාත්,…

නොවතින ප්‍රේමය

හෙයිඩී සහ ජෙෆ් උණුසුම් කාලගුණයක් ඇති පිටරටක ව්‍යාපෘතියකට ගොස් නැවත පැමිණ මිචිගන් ප්‍රාන්තයේ තම පවුලේ මහ ගෙදර අසල මාස කිහිපයකට පදිංචි වූහ. ඒ ශීත සෘතුව ආසන්න කාලයකදීය. ඔවුන්ගේ දරුවන් දස දෙනාගෙන් බොහෝ අය ප්‍රථමවරට හිම පතනයේ ස්වාභාවික සෞන්දර්යය දකිනු ඇත.

නුමුත් මිචිගන්හී ශීත සෘතුවට කබා, කලිසම්, සපත්තු යනාදි බොහෝ උණුසුම් ඇඳුම් අවශ්‍ය වේ. විශාල පවුලකට ඉදිරි ශීත මාසවලට ඇඳුම් මිළදී…

මිනිසුන්ට අමතක වෙනවා

එක් කාන්තාවක් තම සභාපාලකවරයාට පැමිණිලි කරමින් එතුමාගේ දේශනාවල සමහර කොටස් නැවත නැවත කියවෙන බව පෙන්වා දුන්නාය. “ඔබතුමා ඇයි එහෙම කරන්නෙ?” ඇය ඇසුවාය. “මිනිසුන්ට අමතක වෙනවා”, දේශකයා පිළිතුරු දුන්නේය.

අපට අමතක වීමට බොහෝ හේතු තිබෙනවා . කාලය ගෙවී යාම, වයසට යාම හෝ වැඩ අධික වීම යනාදිය. අපට මුරපද (පාස්වර්ඩ්) අමතක වෙනවා, මිනිසුන්ගේ නම් හෝ සමහර විට අපගේ වාහනය නැවැත්වූ ස්ථානයද අමතක…