අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් එච්. රෝපර් විසින් රචිත ලිපි

එය ලිස්සන සුළුය

මා ලිස්සා යාමේ ක්‍රීඩාව පුහුණුවන කාලයේ බැරැරුම් බව නොපෙණුන පල්ලමක මාගේ පුතාට පිටුපසින් රූටා ගියෙමි. ඔහු දෙසම මම බලා සිටි හෙයින් එම කන්දෙහි තිබෙන දරුණුම පල්ලම එය බව නොදුටුවෙමි. මා ඉක්මණින් රූටා යනවා මට දැණුනි. පාලනය ගිලිහී ගියේය. මම හැප්පී වැටුණෙමි.

ගීතාවලිය 141 පෙන්වන්නේ පාපය නැමැති පල්ලමේ අපි පහසුවෙන් හසුවන ක්‍රමයයි. එම පල්ලම් වලදී අවදිව සිටීමට එක් ක්‍රමයක් නම් යාච්ඤාව…

රොටී සහ මසුන්

එක් පිරිමි දරුවෙක් සභාවේ සිට නිවසට පැමිණ ප්‍රීතියෙන් පැවසුවේ එදින කථාව “දවස පුරා ඇවිදිමින් මාළු ඇල්ලු දරුවෙක් ගැන” කියායි. ඇත්තෙන්ම ඔහු කීවේ යේසුස්වහන්සේට රොටී සහ මසුන් දුන් පිරිමි ළමයා ගැනය.

යේසුස්වහන්සේ දවස පුරා සෙනඟට දේශනා කළ සේක. ගෝලයෝ කීවේ රොටී ගන්නා පිණිස සෙනගව ගමට යවන්න කියාය. “නුඹලා ඔවුන්ට කන්ට දෙන්න” (මතෙව් 14:16) යයි යේසුස්වහන්සේ කී සේක. එහි 5000 කට වැඩි…

ප්‍රීතියෙන් ක්‍රීඩා කිරීම

අපගේ එක් පුත්‍රයෙක් වන බ්‍රයන් ද්වීථිය පාසැලක පැසිපන්දු පුහුණුකරුවෙකි. එක් වසරක ඔහුගේ කණ්ඩායම වොෂිංටන් ප්‍රාන්ත කරඟාවලියක නියැලී සිටින අතර තුර ඔහු අවට සිටි සමහරෙකු සත්භාවයෙන් ඇසුවේ “මේ අවුරුද්දේ ඔබ සියලු තරඟ දිනනවාද?” කියාය. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුට ඉන් පීඩනය දැණුනි. ඒහෙයින් බ්‍රයන් උද්ධෘත පාඨයක් සාදා ගත්තේය. “ප්‍රීතියෙන් ක්‍රීඩා කරමු”.

එපීසයේ වැසියන්ට පාවුල් පැවසූ අවසන් වචන මම මතක් කර ගතිමි. “මාගේ දිවීම…

ඇවිත් ඒවා ගන්න!

අපගේ වත්ත පිටුපස ඇති මිදි වැටට උඩින් මම බැලුවෙමි. අපගේ නිවස පිටුපස ඇති උයනෙහි සාදා ඇති මං තීරුවල සෙනග දුවති. සමහරු ඇවිදිති. තවත් අය එහේ මෙහේ යති. “මම ශක්තිමත් කාලේ ඒවා කළා” මම සිතුවෙමි. එවිට අතෘප්තිකර රැල්ලක් මා සිසාරා ගියේය.

පසුව බයිබලය කියවන විට යෙසායා 55:1 මා සිතට පැමිණියේය. “පිපාසා ඇති සියල්ලෙනි එන්න”. අතෘප්තිකර බව (පිපාසය) සාමාන්‍ය දෙයක් මිස ජීවිතයේ…

ඊයේ මෙන් නොවේ

මාගේ මුණුපුරා වන ජේ කුඩා කාලේදී ඔහුගේ දෙමව්පියෝ ඔහුගේ උපන් දිනයේදී ඔහුට ටී ෂර්ටයක් තෑගි කළෝය. ඔහු එය එවෙලේම ඇඳ ගත්තේය. මුළු දවසේම උජාරුවෙන් ඇඳගෙන සිටියේය.

දෙවන දවසේද ඔහු එම ටී ෂර්ටය ඇඳ ගෙන ආ විට ඔහුගේ පියා ඔහුගෙන් ඇසුවේ "ඔය කමිසය ඔබට ප‍්‍රීතියක් ගෙන දෙනවාද" කියාය. "ඊයේ තරම් නැහැ" ජේ පිළිතුරු දුන්නේය.

ද්‍රව්‍යමය දේවල් රැස්කර ගැනීමේ ගැටළුව එයයි. ජීවිතයේ…

පුළුන් සහ අනෙක් දේවල්

විනී ද පූ නමැති කාටුන් චරිතය නිතර කියන ජනප‍්‍රිය කථාවක් නම් "ඔබ කථා කරන පුද්ගලයා අසන්නේ නැති බව පෙනේ නම් ඉවසන්න. ඔහුගේ කනේ පුළුන් ටිකක් තියෙනවා වෙන්නට පුළුවන්".

මා වසර ගණනාවක් දන්නා දෙයක් නම් විනී නිකරුණේ යමක් නොකියන බවය. ඔබගේ අනුශාසනාව ඔවුන්ට ප‍්‍රයෝජනවත් වුවත් යමෙකු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඔවුන්ගේ ගැටළුව කණේ යමක් සිරවී තිබීම වන්නට පුළුවන. නැත්නම් වෙනත් බාධාවක්…

ශ්‍රේෂ්ඨ පිබිදීම

අපගේ පිරිමි දරුවන් කුඩා කාලයේ පවුලේ මිතුරන් සමග එකතුවූ අවස්ථා ගැන අගනා මතකයන් මා තුළ ඇත. වැඩිහිටියෝ රාත්‍රිය එන තුරු එකිනෙකා සමග කථා කරමින් සිටින්නෙමු. අපගේ දරුවෝ සෙල්ලම් කර වෙහෙසවී පුටුවල සහ කවිච්චිවල වකුටුවී නිදා ගනිති.

නිවසට නැවත ඒමට කාලය පැමිණි විට මාගේ දරුවන් වඩා ගෙන ඔවුන්ව කාරයට ඔසවන් විත් පසුපස අසුනේ ඔවුන්ව තබන්නෙමි. නිවසට පැමිණි පසුව නැවත වඩා ගෙන…

ගොයම් පෑගීම

මම විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ එක් ග්‍රීෂ්ම සෘතු නිවාඩුවකදී කොලරාඩෝහී ගොවිපළක වැඩ කළෙමි. මුළු දවසේම ගොයම් පෑගීම නිසා වෙහෙසින් සහ බඩගින්නෙන් යුතුව එක් සන්ධ්‍යාවක මම ට්‍රැක්ටරය ගබඩාවට පදවා ගෙන ගියෙමි. මා ලොකුකම සිතට ගෙන තිරිංග තද කර සුක්කානම වමට කැරකුවෙමි.

නගුල ඔසවා නොතිබුණි. එය ඒ අසළ තිබූ ගැලුම් 500 ක් සහිත ඉන්ධන ටැංකියක වැදුණි. ටැංකිය මහා ශබ්දයකින් පොළොවට වැටී පැලී…

පියවරු සහ පුත්‍රයෝ

මගේ පියා හොඳ පියෙකි. බොහෝ අතින් මමද යුතුකම් දත් පුත්‍රයෙකු වීමි. නමුත් මම මාගේ පියා ආශා කළ දේම ඔහුගෙන් වැළැක්වීමි. ඒ මාවය.

ඔහු නිශ්චල පුද්ගලයෙකි. මාද එසේ විය. අප පැය ගණන් එකට වැඩ කරමු. නමුත් සමහර විට එක වචනයක්වත් එහා මෙහා යන්නේ නැත. ඔහු කවදාවත් ඇසුවේ නැත. මමද මගේ ගැඹුරු ආශා, සිහින, බලාපොරොත්තු සහ භිය ඔහුට කීවේ නැත.

කාලයකට පසු…

කවදාටවත් වැඩිය හොඳය

මුළු දවසම වෙහෙසවී සිටි ධීවරයින් පිරිසක් ස්කොට්ලන්තයේ ආපන ශාලාවක රැස්වී සිටියහ. තමන් ඇල්ලූ මසුන් ගැන කෙනෙක් තම මිතුරාට කියමින් සිටින විට ඔහුගේ අත වීදුරුවක වැදුණි. එහි තිබූ බීම සුදුපාට බිත්තියේ තැවරී විශාල පැල්ලමක් ඇති කළේය. ඔහු ආපනශාලා හිමියාගෙන් සමාව ඉල්ලා පාඩුව ගෙවීමට පොරොන්දු විය. නමුත් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. බිත්තිය විනාශ වී හමාරය. ඒ අසළ සිටි පුද්ගලයෙකු "භය වෙන්න…