අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Estera Pirosca Escobar

එස්ටෙරා පිරෙස්කා එස්කොබාර්

.

එස්ටෙරා පිරෙස්කා එස්කොබාර් විසින් රචිත ලිපි

උන්වහන්සේ කුණාටු සංසිඳුවන සේක

ජීම් තම සේවා කණ්ඩායම නිසා ඉස්මතු වන ගැටළු එනම් බෙදීම්, විනිශ්චයකිරීම්, ආකල්ප සහ වැරදි වැටහීම් වැනි දේ ගැන අපි සමග බෙදාගත්තේය. ඔහුගේ ගැටළුවලට පැයක් පමණ ඉවසිල්ලෙන් ඇහුම්කන් දී මම යෝජනා කළේ “මේ තත්ත්වයේදී අපි කුමක් කළ යුතු දැයි යේසුස්වහන්සේ අපට කියන්නේ කුමක්දැයි උන්වහන්සේගෙන් අසමු” කියාය. අප විනාඩි පහක් නිශ්චලව සිටියෙමු. එවිට පුදුමාකාර දෙයක් සිදුවුනි. දේව ප්‍රේමය පොරෝණයක් සේ අපව වෙලා…

එක්සත්කම

1722 දී මොරේවියානු කිතුණුවන් කණ්ඩායමක් දැනට චෙක් සමූහාණ්ඩුව ලෙස සැළකෙන පළාතේ ජීවත් වූහ. පීඩාව නිසා ඔවුහු සරණ සොයා ගියෝය. ඒ ජර්මානු දානපතියෙකුගේ වත්තකටය. වසර හතරක් තුළදී 300 ක් පමණ එහි ආවෝය. පීඩා විඳි සරණාගතයින්ට යහපත් සමූහනයකට වඩා එය බෙදීම් වල ස්ථානයක් බවට පත්විය. විවිධ කිතුණු මත එයට හේතු විය. නමුත් ඊළඟට ඔවුන් කළ දෙය ඉතා කුඩා දෙයක් ලෙස පෙනුනත් ඉන්…

අපගේ අලුත් නිවස

1892 හි එල්ලීස් දුපත හරහා එක්සත් ජනපදයට ගිය පළමු සංක්‍රමණිකයා ලෙසට ඇනී මුවර්ට විශාල සතුටක් දැනෙන්න ඇති. ඇය අලුත් නිවසක්ද නැවුම් ආරම්භයක්ද සිතෙහි මවා ගන්න ඇති. ඉන්පසු මිලියන ගණනක් එම මාර්ගය පසු කළෝය. යෞවනියක ලෙස ඇනී අලුත් ජීවිතයක් සොයා අයර්ලන්තයේ අසීරු ජීවිතය හැර දමා මෙහි ආවාය. ඇය ගෙන ආවේ කුඩා අත්බැගයක්ද, සිහින, බලාපොරොත්තු සහ අවස්ථාවන් බහුල දේශයක්ද ගැන සිතුවිලිද පමණි.…

ඔබ නැවත එනවාද?

රොන් සහ නැන්සිගේ විවාහය ඉක්මණින් පරිහානියට පත්වෙමින් තිබුණි. ඇයට තව සම්බන්ධයක් තිබුණි. ටික කාලයකට පසුව ඇය තම පාපය දෙවියන්වහන්සේට කීවාය. උන්වහන්සේ ඇයට කරන්න කියන්නේ කුමක්දැයි ඇය දැන සිටියාය. නමුත් එය අපහසු විය. ඇය රොන් සමග සත්‍යය බෙදා ගත්තාය. දික්කසාදයට නොයා රොන් ඔහුගේ විශ්වාසය දිනා ගැනීමටද වෙනස් වීමටද නැන්සිට අවස්ථාවක් දුන්නේය. ආශ්චර්යමත් ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ගේ විවාහය යථා තත්ත්වයට පත් කළ සේක.…

සිර ගෙදරදී විශ්වාසවන්තව

1948 එක් උදෑසනක තම ගෙදර ඉදිරිපස සීනුව නාදවන විට තමාගේ ජීවිතය කුමණ අතට හැරේදැයි හැරලන් පොපොව් දැන සිටියේ නැත. අනතුරු ඇඟවීමක් නොමැතිවම බල්ගේරියානු පොලිසිය ඔහුව සිර භාරයට ගත්තේ ඔහුගේ ඇදහිල්ල නිසාය. ඊළඟ අවුරුදු 13 ම ඔහු සිර ගෙදර ජීවත්වූයේ ශක්තිය සහ ධෛර්යය ඉල්ලා යාච්ඤා කරමිනි. කුරිරු සැළකිලි මධ්‍යයෙහි පවා දෙවියන්වහන්සේ තමා සමග බව ඔහු දැන සිටියේය. ඔහු තම හවුල් සිරකරුවන්…

අහිකුණ්ඨක කොල්ලෙක්

“ඒ අහිකුණ්ඨක කොල්ලෙක්” යයි කෙනෙකු මිමිණුවේ 1877 දී රොඩ්නි ස්මිත් ක්‍රිස්තුස්වහන්සේ පිළිගැනිමට සභාව ඉදිරියට පැමිණි විටය. නූගත් අහිකුණ්ඨක දෙමාපියන්ගේ පුත්‍රයෙක් වන මෙම යෞවනයා ගැන කව්රුවත් වැඩිපුර සිතුවේ නැත. නමුත් රොඩ්නි එම හඬවල්වලට සවන් දුන්නේ නැත. තමාගේ ජීවිතයට දෙවියන්වහන්සේ අරමුණක් තබා ඇති බව ඔහු දැන සිටියේය. ඒ හෙයින් ඔහු ඉංග්‍රීසි බයිබලයක් සහ ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් මිළදී ගත්තේය. ලිවීමට සහ කියවීමට ඔහු…

නායකත්වය දෙන කෙනෙක්

උපදේශක යන වචනය ඇසෙද්දී ඔබට මතක් වන්නේ කාවද? මට නම් ඒ සභාපාලක රික් ය. ඔහු මාගේ හැකියාව දැක මා කෙරෙහි විශ්වාසය තැබීය. ඒ වන විට මම මා ගැන විශ්වාසයක් තබා නොතිබුණි. යටහත්කමින් සහ ප්‍රේමයෙන් සේවය කරන ආකාරය ගැන ඔහු මට ආදර්ශයක් දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මම දැන් අන් අයට උපදෙස් දෙමින් දෙවියන්වහන්සේට සේවය කරමි.

එලිෂා නායකයෙකු ලෙස වර්ධනය කිරීම පිණිස…

කීමට ශුභාරංචියක්

ඔබගේ නම කුමක්ද? ඉරානීය සිසුවෙකු වන අර්මාන් මාගෙන් ඇසිය. මගේ නම එස්ටෙරා මම ඔහුට කීමි. "සරාසි භාෂාවෙන් ඊට සමාන නමක් තිබෙනවා. ඒක "සෙටාරේ". ඒ සුළු සම්බන්ධතාව විශ්මිත සාකච්ඡාවක් බවට පත්විය. මගේ නම බයිබලයේ චරිතයක් ගෙන ඇති බව ඔහුට කීවෙමි. "එස්තර්" ඉරානයේ එකල පර්සියාවේ යුදෙව් රැජිනක්ව සිටි අයෙක්. එස්තර්ගේ කතාවෙන් ආරම්භ කර මම යේසුස්වහන්සේගේ ශුභාරංචිය ඔහුට කීවෙමි. අපගේ සාකච්ඡාවේ ප‍්‍රතිඵලයක් ලෙස…

කැමැත්තෙන් පාරට වැටී

1989 සිට කීත් වසර්මන් වසරකට දින කිහිපයක් පාරේ සිටිමට තෝරා ගෙන ඇත. ඒ පේ‍්‍රමයෙන් සහ අනුකම්පාවෙන් වර්ධනය වන පිණිසය. "මා පාරේ ජීවත් වීමට යන්නේ නිවාස නැති අය ගැන මාගේ දැක්ම සහ අවබෝධය වැඩිකර ගන්නයි" කියා ගුඩ් වර්ක්ස් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක කීත් පවසයි.

ඔහු සේවය කරන අය අතරෙන් කෙනෙක් වීමට කීත් දරණ වෑයම යේසුස්වහන්සේ අපට කළ දෙය පිළිබඳ කුඩා චිත‍්‍රයක් යයි…

කරුණාවන්තකමේ ක්‍රියා

"එස්ටෙරා අපගේ මිතුරිය හෙලන් ඔයාට තෑග්ගක් එවලා!" කියා මගේ මව මම රැකියා ස්ථානයෙන් ගෙදර ආ විට මට කීවාය. හැදෙන වැඩෙන කාලයෙහි අපට වැඩි යමක් තිබුණේ නැත. තැපෑලෙන් ත්‍යාගයක් ලැබෙන එක දෙවන නත්තලක් හා සමාන විය. ප්‍රේමය ලැබී ඇති බවත් මාව සිහිපත් වී ඇති බවත් මේ අනර්ඝ ස්ත්‍රිය තුළින් දෙවියන්වහන්සේ මට වටිනාකමක් දී ඇති බවත් මට වැටහුණි.

තබීතා (දොර්කස්) ගේ ඇඳුම්…