අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
James Banks

ජේම්ස් බෑන්ක්ස්

Dr. James Banks and his wife have two adult children and live in Durham, North Carolina, where he is the pastor of Peace Church. He is the author of The Lost Art of Praying Together, Praying the Prayers of the Bible, Prayers for Prodigals, and Prayers for Your Children. Find books by James Banks

ජේම්ස් බෑන්ක්ස් විසින් රචිත ලිපි

ප්‍රතිවිපාකයට එහා යන බලාපොරොත්තුව

පසුව දුක් වූ යමක් ඔබ කෝපයෙන් කර ඇද්ද? මාගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පොර බදින විට ඔහුගේ තෝරා ගැනීම්වලට විරුද්ධව මම දරුණු දේවල් පැවසුවෙමි. සිදුවූයේ මගේ කෝපය ඔහුව තවදුරටත් අධෛර්යයට පත් කිරීම පමණි. අවසානයේදී ඔහුට ජීවනය සහ බලාපොරොත්තුව ප්‍රකාශ කළ ඇදහිලිවතුන් ඔහුට හමු වූ අතර කාලයක් යන විට ඔහු නිදහස ලැබුවේය.

පසුව පසුතැවිලි වූ යමක් මෝසෙස් වැනි ආදර්ශමත් ඇදහිල්ලක් තිබූ…

දෙවියන්වහන්සේගේ උද්‍යානය

ජීවිතයේ අලංකාරය සහ කෙටිභාවය මතක් කර දෙන දෙයක් මාගේ ඉස්සරහ ගෙවත්තේ වැවේ. පසුගිය වසන්ත සෘතුවේදී මගේ භාර්යාව චන්ද්‍ර පුෂ්ප වැල් කිහිපයක් එහි පැල කළාය. ඊට එසේ නම් තබා ඇත්තේ සඳට සමාන විශාල සුදු රවුම් මල් නිසාය. එක් එක් මල එක් රාත්‍රියකදී පිපී පසුදා උදෑසන හිරුගේ දීප්තිය නිසා වියළී යන්නේ කිසිදා නැවත නොපිපෙන ලෙසය. නමුත් වැල බොහෝ මල් නිපදවන හෙයින් සෑම…

අල්ලා ගත හැකි බලාපොරොත්තුව

“තාත්තා මට මල් එවූ නිසා තාත්තා ගෙදර එන බව මම දනිමි”. යුධ සමයේදී තාත්තා අතුරුදහන් වූ විට මගේ හත් හැවිරිදි සහෝදරිය අපේ මවට පැවසූ වචනයි ඒ. තාත්තා ඔහුගේ මෙහෙයුම සඳහා පිටත්ව යාමට පෙර, ඔහු මගේ සහෝදරියගේ උපන්දිනය සඳහා කලින්ම මල් ඇණවුම් කර තිබූ හෙයින් ඔහු අතුරුදහන්ව සිටියදී මෙම මල් පැමිණියේය. නමුත් ඇය නිවැරදි විය: නමුත් දරුණු සටන් තත්ත්වයකින් පසුව තාත්තා…

වලිග සහ දිව වැනීම

පුවත්පත ප්‍රකාශ කළේ පෙප් නමැති සුනඛයා, ආණ්ඩුකාරවරයාගේ බිරිඳට අයත් බළලා මැරූ බවයි. නමුත් ඌ එය නොකළේය. සුනඛයා වැරැද්දක් ලෙස කළේ ආණ්ඩුකාර මන්දිරයේ කවිච්චිය හපන එක පමණි.

පෙප් යනු 1920 ගණන් වලදී ඇමෙරිකාවේහි පෙන්සිල්වේනියාවේ ආණ්ඩුකාර ගිෆර්ඩ් පින්චොට්ට අයත්ව සිටි තරුණ ලැබ්‍රඩෝ රිට්රීවර් වර්ගයේ සුනඛයෙකි. මෙම සුනඛයාව ඇත්ත වශයෙන්ම නැගෙනහිර ප්‍රාන්ත චරිතශෝධනාගාරයට යවන ලද අතර එහිදී ඌව සිරකරු හැඳුනුම් අංකයකින් හදුන්වනු ලැබීය.…

ප්‍රශංසා කිරීමට මතක තබා ගැනීම

අපේ සභාව අපේ පළමු ගොඩනැඟිල්ල ගොඩනැගු විට, ගොඩනැඟිල්ලේ අභ්‍යන්තරය නිම කිරීමට පෙර කොන්ක්‍රීට් කනු සහ කොන්ක්‍රීට් බිම්වල සාමාජිකයින් ස්තුති කිරීමේ සටහන් ලිවීය. කොන්ක්‍රීට් කනු ආවරණය කළ ලෑලි බිත්ති ඉවත් කළ විට, ඔබට ඒවා එහි සොයාගත හැකිය. “ඔබ ඉතා යහපත්ය!” වැනි ප්‍රශංසා යාච්ඤාවලට අමතරව ශුද්ධ ලියවිල්ලේ පදයෙන් පදය ලියවී තිබුණේය. අපගේ අභියෝග නොතකා දෙවියන්වහන්සේගේ කරුණාවෙන් අපව රැකබලා ගත් බවට අනාගත පරපුරට…

සහෝදර සාවුල්

“ස්වාමීනි, මෙම රට හැර වෙනත් ඕනෑම තැනකට මා යවනු මැනව.” විදේශ රටක ශිෂ්‍යයෙකු ලෙස වසරක් ගත කිරීමට පෙර නව යොවුන් වියේදී මගේ යාච්ඤාව එය විය. මම යන්නේ කොහේදැයි මම නොදැන සිටියෙමි, නමුත් මට යාමට අකමැති තැන මම දැන සිටියෙමි. මම එම රටේ භාෂාව කතා නොකළෙමි, එසේම, එහි සිරිත් විරිත්වලට හා මිනිසුන්ට එරෙහි මගේ සිත අගතීන්ගෙන් පිරී ගියේය, එබැවින් මා වෙනත්…

දෙවියන්වහන්සේ ඉදිරියේ නිශ්චලව සිටින්න

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ පළමු ඡායාරූපය 1838 දී ලුවී ඩැගුරේ විසින් ගන්නා ලදී. දහවල් කාලයකදී ප්‍රංශයේ පැරිස් නුවරේ හිස් මාවතක රූපයක්, මෙම ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. නමුත් ඒ ගැන පැහැදිලි අභිරහසක් තිබේ; එදින දහවල් කාලයේ අශ්ව කරත්ත සහ පදිකයින්ගේ ගමනාගමනයෙන් වීදිය සහ පදික වේදිකා කාර්යබහුල විය යුතු නමුත්, මෙම ඡායාරූපයේ ඒ කිසිවක් නොපෙනේ.

එම මනුෂ්‍යයා තනිව නොසිටියේය. ඡායාරූපය ගත් ස්ථානය වන කාර්යබහුල…

දෙවියන්වහන්සේට සවන් දීම

මම විද්‍යාලයට ගොස් නැවත නිවසට එන විට, අපේ නිවසට යන මාර්ගය කාන්තාරයක් මැදින් යා යුතු අතර එය වේදනාකාරී ලෙස උදාසීන එකක් ලෙස පෙනෙන්නට තිබුණි. එයට හේතුව මෙම මාර්ගය ඉතා දුර වූ අතර එය කෙලින් පාරක්ද වූ බැවින් බොහෝ වර අධික වේගයෙන් රිය පැදෙව්වේමි. මුලින්ම මට මහා මාර්ගයේ රථ වාහන පොලිසියෙන් අවවාද කෙරුණි. ඉන් පසුව මට දඩ කොලයක් ලැබුණි. ඉන් පසුව…

බැබූන්, බූරුවා සහ මම

දුම්රියක් හරි රේල් පීල්ලට ඇතුල් කරගන්නේ කෙසේද කියා ජැක් දැනගෙන සිටියේය. වසර නවයක සේවයේ දී, දකුණු අප්‍රිකාවේ උයිටෙන්හේජ් දුම්රිය ස්ථානය අසළට ඇඳුනු දුම්රිය වල නලාවේ ශබ්දය අනුව, දුම්රියන් යා යුතු ධාවන පථයක් ඔහු කිසි විටෙකත් අතපසු කළේ නැත.

ජැක් චක්මා බැබූන් වර්ගයේ සතෙකි. දුම්රිය දෙපාර්තුමේන්තුවේ සංඥාකරු ජේම්ස් වයිඩ් විසින් ඌව රැක බලා ගන්නා ලදී. එසේම, ජැක් විසින් ජේම්ස් ගැනද සැලකිලිමත්…

ආශීර්වාද පෝෂකයාණෝ

1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ…