අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කිම්යා ලෝඩර් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ ඔබව දන්නා සේක

සැතපුමක් දුරින් පවා වුවද කරදරයක් තිබේ යයි මගේ මවට හැඟෙන්නාක් මෙන් පෙනේ. වරක්, පාසලේ අමාරු දවසකින් පසු, කිසිවෙකු නොදකිනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම මගේ කලකිරීම වසා ගැනීමට උත්සාහ කළෙමි. “කාරණය කුමක් ද?” ඇය ඇසුවාය. ඉන් පසුව ඇය තව දුරටත් කිව්වේ, “ප්‍රශ්නයක් නැහැයි කියලා මට කියන්න කලින්, මම ඔයාගේ අම්මා කියලා මතක තියාගන්න. මම ඔබව බිහි කළා, ඔබ ඔබ ගැන දන්නවාට වඩා…

දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව

නිවාඩු සමය ළං වන විට, පෙර නොවූ විරූ ලෙස අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් ගලා ඒම හේතුවෙන් භාන්ඩ බෙදාහැරීම ප්‍රමාද විය. තැපැල් භාන්ඩ බෙදා හැරීමේ වේගය සම්බන්ධයෙන් අපට ඉතා අඩු පාලනයක් ඇති බව අපි දැන සිටි නිසා මගේ පවුලේ අය සාප්පුවට ගොස් භාණ්ඩ මිළදී ගත් කාලයක් මට මතකයි. කෙසේ වෙතත්, මගේ මව කඩිනම් බෙදාහැරීමේ සේවාවක් සඳහා ලියාපදිංචි වූ විට, මෙම අපේක්ෂාව වෙනස්…

ගැළවීමේ ආශ්චර්යය

අන්තර්ජාල ලිපි රචක කෙවින් ලින්ගේ ජීවිතය කඩා වැටෙන බවක් පෙනෙන්නට තිබුණි. මෑත ලිපියක ඔහු විස්තර කළේ,
“ඇත්ත වශයෙන්ම මම මගේ හිසට තුවක්කුවක් තැබුවෙමි . . . . දෙවියන්වහන්සේ ආශ්චර්යමත් ලෙස මගේ කාමරයට සහ මගේ ජීවිතයට ඇතුල් වූ සේක. ඒ මොහොතේම, මම ඇත්තටම දැන් මම දන්නා දේ දෙවියන්වහන්සේ බව සොයා ගතිමි”. දෙවියන්වහන්සේ මැදිහත්වී ජීවිතය නැති කර ගැනීමෙන් ලින්ව වැළැක් වූ සේක.…

නිර්භීතව නැගී සිටීම

ඉලිනොයිස්හි කුඩා නගරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පලාතේ සියලුම අපරාධවලින් සියයට 40 ක් වේ. ප්‍රාදේශීය දේවගැතිවරයෙකුට අනුව, මෙම ප්‍රශ්නය බොහෝ විට අපගේ ඇදහිලිවන්තයින් තුළ සැඟවී ඇත්තේ එය කතා කිරීමට අපහසු බැවිනි. එබැවින් ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය ප්‍රශ්නයෙන් ඈත් වෙනවා වෙනුවට, ප්‍රචණ්ඩත්වයේ සලකුණු හඳුනා ගැනීමට පන්ති පැවැත්වීමෙන් සහ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වෙච්ඡා සංවිධානවල සහාය ලබාගැනීමෙන් ඇදහිල්ල හා ධෛර්ය සම්පන්නව ගැටලුව විසඳීමට තෝරා ගත්හ.…

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය

එක්සත් රාජධානියේ වැඩිහිටියන් පිළිබඳව 2018 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ “ඔවුන් අවදි වන දිනයේ සෑම විනාඩි දොළහකට වරක් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දූරකථනය පරීක්‍ෂා කරන බවයි”. නමුත් අපි අවංක වෙමු. ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට හෝ දවස පුරා මගේ දූරකථනයට එන නිමක් නැති ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට මම කොපමණ වාරයක් අන්තර් ජාලයෙන් “ගූගල්” කරන්නේදැයි සළකා බලන විට මෙම සංඛ්‍යා ලේඛණය අතීශයින් වෙනස්…

සේවාව සඳහා හදවතක්

නිව් මෙක්සිකෝවේ කාල්ස්බෑඞ් හී කිතුනු සේවාවක් එම ප්‍රදේශ වාසීන්ට සෑම මසකම නොමිළේ ආහාර රාත්තල් 24,000 කට වඩා සපයමින් ඔවුන්ට සහාය වූහ. එම සේවාවේ නායක තුමා බෙදා ගත්තේ “මිනිසුන්ට මෙහි පැමිණිය හැකිය. අපි ඔවුන් පිළිගෙන ඔවුන් ජීවත්වී සිටින ස්ථානයේම ඔවුන්ව මුණගැසෙන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවය ලබා ගැනීමට ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා සපුරාලීමයි” යනුවෙනි. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන් අප ගැන දෙවියන්වහන්සේගේ…

ඇදහිල්ලෙන් වැඩීම

මගේ ගෙවතු වගා ගමන ආරම්භයේදී මම වේලාසනින් අවදි වී මගේ එලවළු වත්තට දුවන්නේ යමක් පැළවී ඇත්දැයි බැලීමටය. කිසිවක් නැත. “ඉක්මන් ගෙවතු වර්ධනය සඳහා අන්තර් ජාලය සෙවීමෙන් පසුව බීජ පැළවන අවධිය ශාකයක ආයු කාලයෙහි වැදගත්ම අවධිය බව මම දැන ගතිමි. මෙම ක්‍රියාවලිය ඉක්මන් කළ නොහැකි බව මා ඉගෙනගත් අතර පස හරහා සුර්්‍යයා දෙසට ගමන් කරන කුඩා පැළවල ශක්තිය සහ ඌෂ්ණ කාලගුණයට…

දෙවියන්වහන්සේගේ යහපත් මැලියම්

පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෑතකදී ඉතා ශක්තිමත් මෙන්ම ඉවත් කළ හැකි නව මැලියම් වර්ගයක් නිර්මාණය කළේය. ඔවුන්ගේ නිර්මාණය ගොළුබෙල්ලෙකුගේ ආනුභාවයෙන් යුක්ත වන අතර වියළි තත්ත්වයේදී සෙවල දැඩි වී තෙත් වන විට නැවත ලිහිල් වන්නේය. ගොළුබෙල්ලාගේ සෙවල වල ආපසු හැරවිය හැකි ස්වභාවය චලනය අනතුරුදායක වන විට එහි පරිසරයේ ආරක්‍ෂිතව සිටුවමින් ගොළුබෙල්ලන් සඳහා ආරක්‍ෂිත-වඩාත් තෙතමනය සහිත තත්ත්වයන් තුළ නිදහසේ ගමන්…

අවිනිශ්චිතතාවයට මුහුණ දීම

අපි ජීවත් වන්නේ කඩදාසි තුවායේ සිට ජීවිත රක්‍ෂණය දක්වා පුළුල් පරාසයක තේරීම් සපයන ලෝකයකය. 2004 දී මනෝවිදාඥ බැරී ෂ්වාට්ස් ලියූ “ද පැරඩොක්ස් ඔෆ් ලයිෆ්” නම් පොතේ ඔහු තර්ක කළේ තේරීමේ නිදහස අපගේ යහ පැවැත්මට වැදගත් වන අතර බොහෝ තේරීම් අවස්ථාවන් මනසට අධි බරක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. කුමන කඩදාසි තුවායක් මිළදී ගත යුතුද යන්න තීරණය කිරීමේදී…

දෙවියන්වහන්සේ දැකීම

පිරූඇට් යනු බැලරිනා සහ සමකාලීන නර්තන ශිල්පීන් විසින් එක වර ඇඟිලි තුඩු වලින් සිට ගෙන කරන සුන්දර කරකැවිල්ලකි. කුඩා කාලයේදී මගේ හිසට කරකැවිල්ල පැමිණ මා ඇද ගෙන වැටෙන තුරුම මගේ නවීන නර්තන පංතියේදී වටේට කැරකෙමින් පිරුඇට් කිරීමට මම කැමති වූයෙමි. මම වයසට යත්ම මගේ සමබරතාවය සහ පාලනය පවත්වා ගැනීමට මට උපකාර කිරීමට මම ඉගෙන ගත් උපක්‍රමයක් නම් පූර්ණ රවුමක් කැරකී…